ලංකාවේ මූලික අයිතිවාසිකම් කියා දෙයක් නැහැ – මහාචාර්ය රොහාන් සමරජීව

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කියා දෙයක් තිබුණද ඇත්තටම රටේ මූලික අයිතිවාසිකම් කියා දෙයක් නැති බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

2008 නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානියෙක්ව සිටි උවිදු කුලකුලසුරිය නැමැති මාධ්‍යවේදියා රූපවාහීනි නාලිකාවක සජීවී සාකච්ඡාවකට සහභාගි වී සිටියදී හදිසියේම එය අතරමඟ නතර කිරිම නිසා ඒ සාකච්ඡාවට සහභාගී වි  සිටි තවත් අයෙක් සමඟ මෙම මාධ්‍යවේදියා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රෙෂ්ඨාධිකරණයේ ගොනු කළ බවත් මෙයට තීන්දුව ලැබුනේ 2021 පෙබරවාරි මාසයේ බවද ඔහු පෙන්වා දෙයි.

වසර 12 කට පසුව මූලික අයිතිවාසිකම් කඩවීම පිලිබඳ ලැබෙන තීන්දුව තීන්දුවක් ලෙස පිළිගත නොහැකි බව පෙන්වා දෙන රොහාන් සමරජීව මහතා පවසන්නේ ඒ තීන්දුව ලැබෙන විට එය ගොනු කළ මාධ්‍යවේදියා රටෙත් නැති බවය.

මේ අනුව රටේ මුලු අධිකරණ පද්ධතියම දුර්වල තත්ත්වයක පවතින බවත් නිදසුනක් ලෙස ඉඩම් නඩුවක් නිරාකරණය වන විට පරම්පරා දෙකක් ඉක්ම ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් සම්බන්ධ නඩු  තීන්දු මාස දෙකෙන් දිය යුතු බව සඳහන් වුවත් මෙරට එහෙම ක්‍රියාවලියක් නැති බවද ඔහු අවධාරණය කර සිටියි.

ලිඛිතව පොතපතේ අකුරු දැම්මාට වැඩක් නැතැයිද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සොයා බැලිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

මහාචාර්යවරයා මේ අදහස් පළ කර තිබුණේ වෙබ් අඩවියක හා කළ සකාච්ඡාවකදීය.

උපුටා ගැනීම – www.theleader.lk

Social Sharing
නවතම