බ්‍රසීලයේ P1 යනුවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතී.
විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ මෙම කොවිඩ් වෛරස ප්‍රභේදය පාලනය කිරීමට ඉක්මන් පියවර නොගත හොත් එය ඉදිරියේදී න්‍යෂ්ටික බෝම්බයක පිපිරීමක් හා සමාන වනු ඇති බවයි.
වෛද්‍ය Roberto Kraenkel පවසන්නේ බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් මෙම තත්ත්වය පාලනය නොකළහොත් එය කොවිඩ් වෛරසයට එරෙහිව සිදුකරනු ලබන ගෝලීය සටනේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි.
මේ වන විටත් මෙම නව වෛරස් ප්‍රභේදය ලොව පුරා රටවල් 15 කින් වාර්තා වී ඇති බවයි වාර්තා වී ඇත.