වධහිංසා පනත සංශෝධනයට රජය සැරසේ!

වදහිංසාවලට සහ වෙනත් අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිතවම තහනම් කර ඇත. එවැනි ක්‍රියා සිදු කරන්නන් හෙළා දැකීමත්, ඊට එරෙහිව නීතිය දැඩි කිරීමත් කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

එබැවින්, ඒ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන 1994 අංක 22 දරන වධහිංසාවලට සහ වෙනත්, අමානුෂික සහ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් කිරීමට එරෙහි සම්මුතිය පනතේ සඳහන් දඩ මුදල් වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හදුනාගෙන තිබෙන බව රජය  වැඩි දුරටත් සඳහන් කරයි.

ඒ අනුව එකී පනත සංශෝධනය කිරීම සදහාත්, ඒ සදහා පනතේ කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකයන්ට උපදෙස් දීම සදහාත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් දෙසැම්බර් 14 දින අනුමත කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

වධබන්ධනයට එරෙහි ප්‍රමුඛතම ජාත්‍යන්තර සංවිධානයක් වන ලන්ඩනය මුලස්ථාන කොටගත් ෆ්‍රීඩම් ෆ්‍රොම් ටෝචර් (Freedom From Torture) මේ වසරේ පෙබරවාරියේ නිකුත් කළ වාර්තාවකට අනුව ඔවුන්ගේ සායනික හා නෛතික ආධාර සඳහා යොමු කරන ලද වින්දිතයන් අතරින් අට අවුරුද්දක් තිස්සේම වැඩිම පිරිස පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවෙනි.

Amendment of the Anti-Torture Act

Social Sharing
නවතම