බැසිල් මහාතාගේ නඩු තීන්දුව අධිකරණයේ නිර්මලභාවය පෙන්නුම් කරනවා – අමාත්‍ය G L පීරිස්

බැසිල් රාජපක්ෂ මහතාගේ නඩු තීන්දුව පුද්ගලයෙකුට පමණක් ලබා දුන් නඩු තින්දුවක් නොවන බවත් එය අධිකරණ පද්ධතියේ නිර්මලභාවය පිලිබද පෙන්වන කැපි පෙනෙන නඩු තින්දුවක් වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි.

සාමාන්‍යයෙන් නඩුවක් අසනකොට පැමිණිලි පක්ෂයට සවන් දෙන බවත් පසුව විත්ති පක්ෂයට බවත් විත්ති පක්ෂයේ කාර්ය වන්නේ පැමිණිලි පක්ෂය විසින් ඉදිරිපත් කරන සාක්ෂි වලට එරෙහිව කරුණු දක්වා අධිකරණය සෑහිමකට පත්කිරීම බවද ඔහු පවසයි.

නමුත් බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ දිවිනැගම නඩුවේදී අධිකරණය විත්ති පක්ෂයෙන් කිසිවක් ඇසිමට ඉඩ නොදුන් බවත් එමෙන්ම ඔවුන්ට පැමිණිලි ඔප්පු කර ගැනිමට නොහැකි වු බවද හෙතෙම පෙන්වා දෙයි.

කිසිම හරයක් නැති, හිස්  නඩුවක් ඉදිරිපත් කර තිබු බවත් ද්වේෂ සහගත ලෙස දේශපාලන අරමුණු ඉෂ්ඨ කර ගැනීම සදහා මෙරට අධිකරණ පද්ධතිය අවභාවිතා කරන ලද උත්සහායක් බවද ඔහු කියා සිටියි.

දේශපාලන එදිරිවාදින්ට එරෙහිව නඩු ගෙනවිත් ඔවුන්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම