
”රටම එකට” ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය ඊයේ (26) කොළඹ 07, විජේරාම මාවතේදී විවෘත කෙරිණි.
මෙම කාර්යාලය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර, එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද එක්ව සිටියහ.
උත්සවය අමතමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ජනතාවගෙන් ලැබුණු තොරතුරු 6,396ක් අතරින් 3,113ක් සාර්ථක සහ ප්රතිඵලදායී තොරතුරු බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ ආශ්රිත නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ඉදිරියටත් 1818 දුරකථන අංකය ඔස්සේ ලබාදිය හැකි බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.
එමෙන්ම, නිවැරදි සහ සාර්ථක තොරතුරු ලබාදෙන පුද්ගලයන් සඳහා වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන බවද ඔහු ජනතාවට දැනුම් දුන්නේය.
