14 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනයක් කළැයි මවුලවිවරයෙකු රිමාන්ඩ්!

වයස අවුරුදු 14ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාව මත එරගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවුලවිවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන මවුලවිවරයා සිද්ධිය අනාවරණය වීමෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් සිට ඇති බවයි. කෙසේ වෙතත්, පසුව ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් පසුගිය මැයි 20 වැනිදා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ජුනි 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

මේ අතර, ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දුන් බව කියන එරගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තවත් පුද්ගලයෙකු ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු පසුගිය මැයි 09 වැනිදා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, පසුව යළිත් ජුනි 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන එරගම පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Social Sharing
නවතම පුවත්