
දකුණු අමෙරිකානු කලාපයෙන් ව්‍යාප්ත වූ “හැන්ටා” (Hantavirus) වෛරසයේ අතිශය භයානක “ඇන්ඩීස්” (Andes) ප්‍රභේදය හේතුවෙන් යුරෝපා රටවල් රැසක දැඩි සෞඛ්‍ය අවදානමක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.
මෙම වෛරස ව්‍යාප්තියට සම්බන්ධව දකුණු ඇමරිකානු කලාපයේ සංචාරයක නිරත වූ “එම්.වී. හොන්ඩියස්” (MV Hondius) සුඛෝපභෝගී සංචාරක නෞකාවේ සිටි පුද්ගලයින් අතරින් හැන්ටා වෛරස ආසාදිතයන් රැසක් හඳුනාගෙන ඇති අතර, මේ වන විටත් ආසාදිතයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ “ඇන්ඩීස්” ප්‍රභේදය සාමාන්‍ය හැන්ටා වෛරස් වලට වඩා විශේෂයෙන් භයානක වන අතර, මියන් මගින් පමණක් නොව, සමීප සම්බන්ධතා සහ ශ්වසන බින්දු මගින් මිනිසාගෙන් මිනිසාටද සීමිත ලෙස පැතිර යා හැකි එකම හැන්ටා ප්‍රභේදය බවයි.
ඒ අනුව නෞකාවේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් හදිසි සෞඛ්‍ය ක්‍රියාමාර්ග යටතේ ස්පාඤ්ඤයේ කැනරි දූපත් ආසන්නයේදී ඉවත් කර ඇති අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු මැඩ්රිඩ් සහ අනෙකුත් යුරෝපා රටවල විශේෂිත රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
විශේෂයෙන්ම මෙම වෛරසයේ රෝග ලක්ෂණ පෙන්වීමට සති 6කට ආසන්න කාලයක් ගත විය හැකි බැවින්, ඉදිරි දිනවලදී තවත් නව ආසාදිතයන් හඳුනා ගැනීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් මේ වන විට දැඩි සෞඛ්‍ය නිරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති අතර, ආසාදිතයන් සමඟ සමීපව සිටි පුද්ගලයින් සොයා විශේෂ නිරෝධායන වැඩසටහන්ද ආරම්භ කර තිබේ.
මේ අතර, වෛරසය පැතිරුණු “එම්.වී. හොන්ඩියස්” නෞකාව සම්පූර්ණ විෂබීජහරණ කටයුතු සඳහා නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය වෙත යොමු කර ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ වන විට ලෝක ජනතාවට පුළුල් වශයෙන් වෛරසය පැතිර යාමේ අවදානම අඩු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන අතර, යුරෝපා කලාපය පුරා දැඩි සෞඛ්‍ය ආරක්ෂිත මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව සඳහන්ය.
