
මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල කොට්ඨාසයට අයත් රතුගල ආදිවාසී ගම්මානයේ නායක, දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ සිය ජීවන ගමනෙන් සමුගෙන තිබේ. මියයන විට 62 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා, වැලිසර ළය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
රතුගල ආදිවාසී ප්‍රජාවගේ සම්ප්‍රදායන්, සංස්කෘතිය සහ ජීවන රටාව ආරක්ෂා කර ගැනීම සඳහා දිගු කලක් කැපවී කටයුතු කළ සුදා වන්නිල ඇත්තෝ, එම ප්‍රජාවේ ප්‍රධාන නායකයෙකු ලෙස සැලකුණි.
අභාවප්‍රාප්ත සුදා වන්නිල ඇත්තෝ “අයිතිය” සමඟ ඉකුත් දෙසැම්බර් මාසයේදී පැවති සාකච්ඡාවකදී පරිසරය සම්බන්ධයෙන් සමාජයේ පවතින නොදැනුවත්භාවය පිළිබඳව අදහස් පළ කළ අතර එහිදී ස්වභාවධර්මය හා මිනිසා අතර ඇති සබඳතාව රැක ගැනීමේ වැදගත්කම පිළිබඳව ද ඔහු අවධාරණය කර තිබේ.
එම වීඩීයෝව පහතින්
