රාගම වෙළඳසැලකදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් කළ සිද්ධියට 5ක් අත්අඩංගුවට!

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරිය ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන අවුරුදු 27ක් වයසැති රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ වයස අවුරුදු 20, 21, 22 සහ 23 අතර පසුවන රාජාංගනය, කඩවත, රාගම සහ ත්‍රිකුණාමලය චීනවරාය ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (18) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු රාගම පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Social Sharing
නවතම පුවත්