පාසැල් ඇරීමෙන් විදුහල්පතිවරු අමාරුවේ! – ලංකා ගුරු සංගමය

පවතින තත්ත්වය යටතේ කිසිදු සැලැස්මක් නොමැතිව ආරම්භ කළ පාසල් වල අද සිසුන් පැමිණීම සියයට පහක් වත් නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාර්ලින් මහතා පවසයි.

බස්නාහිර පළාත හැර 6-13 පාසල් ආරම්භය සිදු වීමේදී දරුවන් නිරාවරණය වන බවත්, පාසල් පද්ධතිය විෂබිජහරණය කර සුදානම් කර යුතු වුවත් ඒසේ සිදු වි නොමැති බවත්, දරුවන්ට අත් සේදිමේ ද්‍රව්‍යයත් මේ වන විට පාසල් වලට ලබා දි නොමැති අතර, ළමයින්ගේ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ප්‍රාදේශිය අධිකාරිවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා ගන්න කියා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දන්වා තිබුණද මෙතෙක් වත් සිදු වි නොමැති බවද ඔහු අවධාරණය කර සිටියි.

උසස් පෙළ විභාගයේදීද දරුවන්ට පැමිණීමට ලංගම බස් රථ යෙදවු බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවත් එය එසේ ක්‍රියාත්මක නොවු බවත් දෙමාපියන් රුපියල් 2000-3000 අතින් වියදම් කර දරුවන් විභාග මධ්‍යස්ථාන වලට ගෙන ආ බවද ඔහු කියයි.

පාසල් විවෘත කිරීමට විරුද්ධ නොමැති අතර තම සංගම් විරුද්ධ වන්නේ විධිමත්ව පාසල් විවෘත නොකිරීම නිසා බවද ළමයින්ව යොදා අත්හදා බැලිම් සිදු කිරීමෙන් වලකින ලෙසද ඔහු වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටියි.

ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ මහතා

අධ්‍යාපන අමාත්‍යාංශය සිතා සිටින්නේ අධ්‍යාපන අමාත්‍යාංශය නිසා පාසල් පද්ධතිය පවතින බවත් එසේ නැතිනම් මේ පාසල් පටන් ගන්නා විට  පවතින තත්ත්වය පිලිබඳ පාසල් විදුහල්පතිවරුන්ගෙන් විමසිය යුතු වුවත් මේ වන තෙක් එසේ විමසා නැති බවත් ඔහු ප්‍රකාශ කර සිටියි.

පළමු කොවිඩ් රැල්ල ආරම්භ වී අවසානයේ පාසල් පටන් ගන්නා විට සැලසුම් සකස් කර තිබු අතර එහිදී පාසලේ තත්වය, වෛද්‍ය නිර්දේශය සඳහන් කර තිබු නිසා ගලපා ගැනිමේ හැකියාවක් පැවති බවද ඔහු පෙන්වා දෙයි. නමුත් මේ වන විට රාජ්‍ය ආයතන, අවමඟුලට, මඟුලට රැස් කළ යුතු සංඛ්‍යාව නිර්දේශ කර ඇති නමුත් පාසලට පමණක් 6-13 වසර දක්වා එකවර ළමයින් කැඳවන්නේ ඇයිද? යන්න ගැටලුව පවතින බවද ඔහු පවසයි.

දරුවන් පාසලේ පැය 05 ක් සිටිය යුතු අතර මේ දරුවන්ගේ වගකීම විදුහල්පතිවරුන්ට පවරා නිවේදනයක් මේ වනවිට නිකුත් කර ඇති බවත්, නමුත් මේ අවිධිමත් ආකාරයෙන් පාසල් පටන් ගෙන යම් සිදුවීමක් සිදුවුවහොත් එහි වගකීම විදුහල්පතිවරුන්ට නොපවරන ලෙසද දරුවන් පාසලේදී රෝගී නොවී වළක්වා ගැනීමට විදුහල්පතිවරුන්ට ඇලඩින්ගේ පුදුම පහනක් නැති බවද ඔහු ප්‍රකාශ කර සිටියි.

-ශානිකා-

Social Sharing
නවතම