රජයේ බදු ආදායමෙන් 50%කට අධික දායකත්වයක් රේගුවෙන්

 

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වර්තමානය වන විට රජයේ සමස්ත බදු ආදායමෙන් සියයට 50.3%ක දැවැන්ත ප්‍රතිශතයක් දායක කරමින් මෙරට ප්‍රධානතම ආදායම් උපයන්නා බවට පත්ව තිබේ.

රජයේ ආදායම් වැඩි කිරීම සඳහා ගෙන ඇති ප්‍රතිසංස්කරණ හා පාලන ක්‍රියාමාර්ග හේතුවෙන්, රේගු ආදායම් එකතු කිරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම, වංචා හා දූෂණ අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති නව පාලන ක්‍රමවේද, අවදානම් කළමනාකරණ පද්ධති (Risk Management Systems), සහ ඩිජිටල් පද්ධති භාවිතය වැඩි කිරීම මඟින්, අයවිය යුතු බදු නිසි පරිදි එකතු කිරීමේ හැකියාව වැඩි වී ඇති බව නිලධාරීහු පෙන්වා දෙති.

මෙම තත්ත්වය හේතුවෙන්, රජයේ ආදායම් එකතු කිරීමේ ප්‍රධාන ආයතන අතරින් එකක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) පවා අභිබවා යමින්, රේගු දෙපාර්තමේන්තුව රජයේ ප්‍රධාන ආදායම් සම්පාදකයා ලෙස පෙරමුණ ගෙන ඇති බව ද සඳහන් වේ.

 

Social Sharing
නවතම පුවත්