
රජය විසින් ලබාදුන් බදාදා දිනයේ නිවාඩුව හමුවේ පොදු ප්‍රවාහන සේවාවන් සීමා කිරීමට රජය බලාපොරොත්තු වන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කර සිටිනවා
ඒ අනුව ඔවුන් සඳහන් කරන ආකාරයට රජයේ කාර්යාල විවෘත නොවන්නේ නම් සහ පාසල්වලට සිසුන් නොපැමිණෙන්නේ නම්, පොදු ප්‍රවාහනයේ තිබෙන අවශ්‍යතාවන් බොහෝ දුරට අඩුවන බවයි.
එසේම, බදාදා දිනයේදී පෞද්ගලික අංශයේ සේවකයන්ටත් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයට යොමු වන ලෙසට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයෙන් සහ ලංකා සේවා සම්මේලනයෙන් ද ඉල්ලා සිටි බව ඔහු සඳහන් සිටියි.
පොදු ප්‍රවාහන කටයුතු සීමා කර, ජනතාව අත්‍යවශ්‍ය ගමන් බිමන්වල පමණක් යෙදිය යුතු බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
