
වසර 14 කට පසු අද දින පැවැත්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී හෙට දින එනම් 16 දින සියළු අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට එම සංගමයේ සාමාජිකයන් ඒකමතිකව තීරනය කරන ලදී. ඒ බුද්ධික මල්ලවාරච්චි නීතිඥවරයා හා ඔහුගේ බිරිද මහ මගදී අමානුෂිකව ඝාතනය කිරීමට හා මහජන ආරක්ෂාවට තර්ජනය වන ආකාරයෙන් සිදුවන ඝාතනයන්ට විරෝධය පළ කිරීමක් වශයෙනි.
එම රැස්වීමේදී මෙම ඝාතනය ආශ්රිත ක්‍රියවලියේදී පොලීසියේ හැසිරීම සම්බ්න්ධයෙන් පොලීසියට අප්‍රසාදය පළ කිරීම ඇතුළු තවත් තීරණ කිහිපයක් සංගමයේ සාමාජිකයන්ගේ ඒකමතික තීරණයෙන් ගනු ලැබීය.
රැස්වීම අවසානයේ සහභාගී වූ සියළු නීතිඥයන් සංගම් කාර්යාලයේ සිට අළුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත පාගමනින් ගොස් නිහඩ විරෝධතාවයක් පැවත්වූ අතර අලුත්කඩේ මංසන්ධියේදී සභාපති රජීව් අමරසූරිය මාධ්‍ය වෙත අදහස් පළ කරන ලදී.
