දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවති විගණකාධිපති ධුරයට එල්. එස්. අයි. ජයරත්න මහත්මිය පත් වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්. එස්. අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා, අද (03) අනුමැතිය හිමිවී ඇත්තේ අද දින රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීය.

ඒ අනුව එල්. එස්. අයි. ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාධායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.

මෙම තනතුර මාස දහයකට ආසන්න කාලයක් පුරප්පාඩුව පැවති අතර එය මෙරට ඉතිහාසයේ මෙම තනතුර දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවැති පළමු අවස්ථාවද වීය. එම හේතුව නිසාවෙන් ජාතික විගණන කාර්යාලයේ බොහෝ කටයතුවලට බාධා ද මතු වූ බවට වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්