නිදහස් දින වෙනුවෙන් රැඳවියන් 49කට විශේෂ ජනාධිපති සමාව

අද දිනට යෙදෙන 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ඒ.සී ගජනායක මහතා පවසා සිටියේ ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත රැඳවියන් හට විශේෂ ජනාධිපති සමාවක් ප්‍රධානය කර ඇති බවයි.

ඒ අනුව පහත සඳහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම  විශේෂ ජනාධිපති සමාව සිරකරුවන් හට ප්‍රධානය කර ඇත.

බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති 01 ක සමාවක් ප්‍රධානය කිරීම ද මේ යටතේ සිදු වී ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුපියල් 75,000ට අඩු දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම ජනාධිපති සමාව යටතේ සිදුවන බවය.

Social Sharing
නවතම පුවත්