
සැකකරුවෙක් ලෙස අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි කේ. ජේ. චන්න මධුරංග ( සිරකරු අංක 4620) නැමැති අය ඊයේ (02) මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවට වාර්තා වේ.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් සැක පළ කරයි. ඒ ඉකුත් සිකුරාදා (30) ඔහුව බැලීමට ඔහුගේ දෙමාපියන් බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ඔවුන්ට නිලධාරීන් පවසා ඇත්තේ චන්න චතුරංග යන අයට පැපොල රෝගය වැළඳී ඇති බවත් එම නිසා ඔහුව ප්‍රතිකාර ලබා දීම සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි.
කෙසේ නමුත් මාතර මහ රෝහලේ දී ඔහුගේ වැඩිමල් සොහොයුරු මෘතදේහ පරීක්ෂාවේදී ඔහුගේ තොල් පැලී තිබීමත් ඇස් ඉදිමී ඇති ආකාරයත් නීරික්ෂණය කර ඇත. ඒ අනුව මෙම මරණය සැක සහිත බවට පවුලේ සාමාජිකයන්ගේ මතය වේ. මෙම මරණය සම්බන්ධයෙන් ස්වාධීන හා විනිවිදභාවයෙන් යුතු පූර්ණ විමර්ශනයක් සිදු කළ යුතු බවට පවුලේ අය සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මැතිතුමා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ මෙම මරණය සම්බන්ධයෙන් සුදුසු පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
එම ලිපිය පහතින්
