
අස්වැසුම හිමිකම් ලැබූවන් 62,498 දෙනකු මෙතෙක් සිය බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතු කොටගෙන අදාළ ප්‍රතිලාභ මේවනතුරු ලබාගෙන නොමැති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) අනාවරණය විය. ඒ අනුව මෙම පිරිසෙන් 33,513 දෙනකු පළමු වටයේ හිමිකම් ලැබූවන් වන අතර ඉතිරි 28,985 දෙවන වටයේදී හිමිකම් ලැබූවෝ වෙති.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී සුරංග රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර මහතා මේ බව අනාවරණය කර ඇත.
මෙම අස්වැසුම හිමිකම් ලැබූවන්ට සිය බැංකු ගිණුම් විවෘත කර තොරතුරු ලබාදීමෙන් පසුව අස්වැසුම ප්‍රතිලාභ හිමිවන බවද නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.
පුද්ගලයන් ලක්ෂ 16ට අධික ප්‍රමාණයක් මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභලාභීන් බවට පත්ව ඇති බවද තවත් 67,531 දෙනකු අභියාචනා හා විරෝධතා හේතුවෙන් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සිටින අතර අදාළ පරීක්‍ෂණවලදී නිවැරදි වන පුද්ගලයන්ට ප්‍රතිලාභ හිමිවන බවද නියෝජ්‍ය ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.
