
වාර්තාව අනුව 2025 ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ කොමිෂන් සභාව විසින් අල්ලස හෝ දූෂණ චෝදනා මත පුද්ගලයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම ප්‍රමාණයෙන් 20 දෙනෙකු පොලිස් නිළධාරීන් බවත් සදහන්.
පොලිස් දෙපාර්තමේන්තුව හැරුනම වැඩිම නිළධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වී සිටින්නේ අධිකරණ අමාත්‍යංශය ආශ්‍රිත නිළධාරීන් පිරිසකි. එම ප්‍රමාණය 9කි. අමතරව, ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිළධාරීන් 4ක්, ග්‍රාම නිළධාරීන් 3ක්, සෞඛ්‍ය සේවා නිළධාරීන් 2ක්, සිවිල් නිලධාරීන් 6ක් ඇතුළු 63 දෙනෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
ඉහත කාලය තුළ කොමිෂන් සභාව වෙත පැමිණිලි 5776ක් ලැබී ඇති බව පෙන්වා දෙන එම වාර්තාව, ලැබුණු පැමිණිලි මත සිදු කළ හදිසි වැටලීම් 94ක් සිදු කර ඇති බවත්, ඉන් වැටලීම් 51ක් සාර්ථක වූ බවත් සදහන් කරයි.
පසුගිය මාස 9 තුළ කොමිසම විසින් අල්ලස් හෝ දූෂණ චොදනා සම්බන්ධව නඩු 71ක් මහාධිකරණයේ ගොනු කර ඇති බවත්, ඒ යටතේ චූදිතයින් 86 දෙනෙකුට චෝදනා ගොනු කර ඇති බවත් සදහන් වේ.
එමෙන්ම, පසුගිය මාස නමය තුළ විභාග වූ අල්ලස් හෝ දූෂණ නඩු 54ක් අවසන්ව ඇති බවත්, තවත් නඩු 276ක ප්‍රමාණයක් විවිධ අධිකරණයන් හි විභාග වෙමින් පවතින් බවත් එම වාර්තාව පෙන්වා දේ.
අදාල වාර්තාව ට පහත ලින්කුව ඔස්සේ සමීප විය හැක.
https://www.ciaboc.gov.lk/images/Reports/2025/Monthly_Progress_Report_-September_Englis.pdf
