“14 වතාවක් IMF එකෙන් ණය අරන් තියෙනවා,  ඒකෙන් 13 වතාවක්ම UNP ආණ්ඩුව” ඩිව් කියයි!

1978 සිට යහපාලන ආණ්ඩුව දක්වා 14 වතාවක් ලංකාව  IMF එකෙන් ණය අරන් ඇති බවත් ඉන් 13 වතාවක්ම ගොස් ඇත්තේ එක්සත් ජාතික පක්ෂය බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ග්‍රණසේකර මහතා පවසයි.

2004 සුනාමිය නිසා මහින්ද රාජපක්ෂ මහතා 2005 දී පමණක් IMF එකට ගිය බවද ඒ ඔවුන් ණයක් ලෙස නොව ආධාරයක් කිරීමට කැමැත්ත පළ කළ නිසා බවද ඔහු පවසයි.

නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියෙන් පසුව මෙය සිදු වූ බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ මෙය පැවසිමට හේතු වුයේ ඊයේ (12) ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් පැවසු “ආණ්ඩුවට ඇති එකම මඟ, අපි ආවත් එකම මඟ IMF එක සොයා යෑම” කියා පැවසු නිසා බවය.

එම ආයතනය ණය දෙන්නේ දේශපාලන කොන්දේසි මත බවත් නිකන් ණය දෙන්නේ නැතැයිද ඩිව් ගුණසේකර මහතා පවසයි.

1978 සිට ක්‍රමානුකූලව ඇති හැකි  පන්තියෙන් බදු ගැනීම අඩු කර 2020 වෙනකොට ආදායම් බද්ද සියයට හැත්තෑවේ තිබු එක සියයට දහ අටට ගෙනවිත් ඇති බවත් ලෝකයේ කිසිම රටක අප තරම් ආදායම් බද්ද අඩුවෙන් ගන්නා රටක් නැතැයිද ඔහු පවසයි.

ජේ.ආර්. ජයවර්ධන මහතා අපේක්ෂා කළේ අප රට අපනයන ආර්ථිකයක් ඇති කිරීමට බවත් නමුත් අද ඇත්තේ අපනනයන ආර්ථිකයක් නොව ආනයන ආර්ථිකයක් බවත් අපනයනය මෙන් දෙගුණයක් ආනයනය කෙරෙන බවද හෙහෙත කියා සිටියි.

ආනනයන සඳහා මුදල් අවශ්‍ය වන අතර ඊට රට තුල මුදල්වත්, ඩොලර්වත් නැතැයිද විදේශ සංචිතය පහලටම බැස ඇතැයිද ඩියු ගුණසේකර මහතා පෙන්වා දෙයි.

වෙළඳ වාසියක්, ගෙවීම් ශේෂයේ අවාසියක් මෙන්ම රජයේ ආදායමත් නැති අතර කිසිදු ආයෝජනයක් මෙන්ම ප්‍රාග්ධනය ඒකරාශී විමක්ද සිදු නොවන බවත්, ප්‍රාග්ධනය සම්පාදනය නොවන බවත් සෑම පැත්තකින්ම ඇත්තේ අර්බුදකාරිත්වයක් බව අවධාරණය කරන ඒ මහතා කියා සිටින්නේ අප දිගින් දිගටම ණය උගුලක සිර වී ඇති බවය.

Social Sharing
නවතම