ලංකාවේ ජනගහන වර්ධන අනුපාතය පහලට, වැඩිහිටි ජනගහනය ඉහලට

ශ්‍රී ලංකාවේ පවත්වන ලද ජන හා නිවාස සංගණන මාලාවේ 15 වන සංගණනය අනුව 2024 වසරේ සංගණන දත්ත ජන හා නිවාස සංගණනය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) ප්‍රකාශයට පත් කර තිබුනි. මින් පෙර මෙවැනි සංගනයක් සිදු කිර තිබුනේ මීට වසර 12 කට පෙර 2012 වසරේ දීය.

2012 වසරේ දී පැවැති සංගණනයේදී ශ්‍රී ලංකාවේ ජනගහනය ලෙස වාර්තා වී ඇත්තේ 20,359,439 ලෙසයි. 2024 පැවති වර්තමාන සංගණනය අනුව එම ප්‍රමාණය 21,781,800 දක්වා මිලියන1.4කින් පමණ (1,422,361) ඉහල ගොස් බව මෙම වාර්තා පෙන්වා දේ. නමුත්, වසර 12ක් තිස්සේ සිදුව ඇති එම ජනගහන වර්ධනය වාර්ෂික ජනගහන වර්ධන අනුපාතය අනුව එය සියයට 0.7 සිට සියයට 0.5 දක්වා පහල බැසීමක් බව, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශාමලී කරුණාරත්න මහත්මිය පවසා තිබුනි. එමෙන්ම, වයස අවුරුදු 65ට වැඩි ජනගහනය සියයට 7.9 සිට සියයට 12.6 දක්වා ඉහල ගොස් ඇති බවද ඇය පෙන්වා දී තිබුනි.

2024 සංගනනය අනුව මුළු ජනගහනයෙන් 51.7% ස්ත්‍රීන් වන අතර, 48.3% ක් පුරුෂයින් වේ. වයස අනුව අවුරුදු 15ට අඩු ජනගහනය වර්ෂ 2012 – 2024 අතර කාලයේදී  25.2% සිට 20.7% ක් දක්වා 4.5% කින් අඩුවී ඇති අතර එසේම මේ කාලයේදී වයස අවුරුදු 65ට වැඩි ජනගහනය 7.9% සිට12.6% දක්වා ද වැඩිවී තිබේ.

එසේම 2024 ජන හා නිවාස සංගණනය අනුව ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනය සිටින දිස්ත්‍රික්කය ගම්පහ වන අතර එම දිස්ත්‍රික්කයේ වෙසෙන ජන සංඛ්‍යාව 2,436,142 ක් වේ. කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන ජනගහනය 2,375,415 ක් බවද වාර්තා වේ.

2024 වසරේ සංගණන දත්ත වාර්තාව පහල,

https://www.statistics.gov.lk//Resource/en/Population/CPH_2024/Population_Preliminary_Report.pdf

 

Social Sharing
නවතම පුවත්