![]()
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025 – 2029) අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පවරා ඇති ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නව මහාධිකරණ පරිශ්‍ර 4ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පවතින ගොඩනැගිලි හතරක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, පහත සඳහන් ලිපිනයන් හි පිහිටි රජයේ ගොඩනැගිලි තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නව මහාධිකරණ හතර කොළඹ 7 ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.
අංක බී 88, ග්‍රෙගරි පාර, කොළඹ 07
අංක සී 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
අංක බී 108, විජේරාම පාර, කොළඹ 07
අංක බී 12, ස්ටැන්මෝර් ක්‍රෙසන්ට්, කොළඹ 07
