මාලිමාව තුළින්ම අලුත් දේශපාලනයක් මතුවෙයි ද?  මහේෂ් හපුගොඩ

මාව ටැග් කරලා මාලිමාවේ කෙනෙක් ලියපු මේ පෝස්ට් එකෙන් වක්‍රව කියන්නේ මොකක්ද? ඒ තමයි මම භයානක උපකල්පනයන්, අදහස්, මතයන් තියෙන කෙනෙක් කියන එක. මේ යුගයේ භයානකම ගට් ෆීලින් තියන කෙනෙක් මහේෂ් හපුගොඩ කිව්වම තව ගොඩක් දේ ඒකෙන් කියවෙනවා. ඒ තමයි භයානක මිනිස්සු ඉවත්කරන්න ඕනි කියන එක.

ඒ වගේම තමයි මම මාලිමාවේ ධනාත්මක දේවල් පවා ලියන කෙනෙක්. හැබැයි පොඩ්ඩක්වත් එයින් වෙනස් වෙන්න බැහැ. භක්තිවන්තයෙක්ම වෙන්න ඕනි.

දැන් මෙහෙම ලියවෙන්නේ මාලිමාවේ බුද්ධිමය ස්ථරයේ (හෝ එම කණ්ඩායම වෙනුවෙන් ඉන්න) කෙනෙක් අතින් වීමත් වැදගත්. ‘මිදිගම ලසා’ කියන්නේ භයානක චරිතයක් කියල පොලිස් ඇමතිතුමත් වක්‍රව කිව්වා. කාල වෙනස දවස් දෙකයි. දැන් එහෙම ‘භයානක අය’ නම් කරමින් යන වෙලාවක්.

මම දිලිත් ගැන පෝස්ට් එකේදී ලිව්වා මාලිමාවේ සමස්තතා ලක්ෂණ එම පාර්ශවයේ බුද්ධිමය ස්ථරයට පවා අවිඥානිකයි කියල. ඒකට හේතුව ඔවුන්ට ඕනි පැරණි ක්‍රමයෙන් කෘතීම ලෙස කැඩිලා අලුත් එකක් කෘතීම ලෙස ගොඩනගන්න. අලුත් එකක් හදනවා කිව්වත් මේ මාලිමාව කියල හැදිලා තියෙන්නේ එහි උපරිමය. නමුත් ඔවුන්ගේ පරිකල්පනයේ තිබ්බේ මීට වඩා උත්කෘෂ්ට දෙයක්. නමුත් දැනට එහෙම එකක් නැහැ. ඒ නිසා විශාල අපේක්ෂාභංග බවක් ඇතිවෙලා තියනවා.

ඒ එක්කම ග්‍රවුන්ඩ් ලෙවල් එකේ නාමල් යම් ප්‍රමාණයකින් උඩට එනවා මට පේනවා. අනික් අයත් එහෙමයි. මම ලිව්වේ මට පෙනෙන දේ. අනික මාලිමාව හැදුනෙම අර සාම්ප්‍රදායික පක්ෂවල හිටපු අයගෙන්. එයාල ආපසු යන්න පුළුවන්.

හොඳට බලන්න යහපාලනයේ මුල් කාලයේ තිබ්බ ටිකවත් දැන් කරගන්න බැහැ. යහපාලනය යම් පමණින් හෝ සාර්ථක වෙන්න සාම්ප්‍රදායික දේශපාලනයේ මැදිහත්වීම බලපෑවා. දැන් ඒකත් නැහැ.

මම කියන්නේ සිදුවීමට නියමිතව තියෙන්නේ මෙහෙම දෙයක්. ඒ තමයි මාලිමා උපරිමය දැන් මිනිස්සු තේරුම් අරන් තියෙන්නේ. එයාල කරපු ‘දාර බොරුව’ දැන් මිනිස්සු තේරුම්ගත්ත. ඇහින් දැක්ක. ඇස්බැන්දුම එළිවෙලා ඉවරයි. විශාල රැඩිකල් දෙයක් නොවුනොත් ඇරෙන්න දැන් ගමනක් නැහැ.

ඒ නිසා සිදුවෙන්නේ නැවත මිනිස්සු තිබ්බ දේශපාලනය වෙත පසුබහින එක. ඒක හොඳ හෝ නරක වෙනම දෙයක්. හැබැයි සිදුවෙන්නේ ඒක. යහපාලනයෙදී සිද්දවුනෙත් ඒක. මොකද මේ රෝග ලක්ෂණය අවසන් කරලා ඕනි වෙන එකක් ගැන හිතන්න. මේක ලෙඩක්. ඒ නිසා මේකේ දිගුවක් ඇතිවෙන්නේ නැහැ.

මාලිමා දිගුවක් හැටියට ඒ බලවේගය තුලින්ම අලුත් එකක් එන්නේ නැහැ (මොකද දැන් ඒ බලවේගය නැහැ). ඒකට තියන ද්‍රව්‍යමය සහ මතවාදී තත්වය ගොඩක් අවමයි. විශේෂයෙන් ද්‍රව්‍යමය තත්වය. සිද්ද වෙන්නේ පරණ එකට ආයෙත් ගිහින් ඊට පස්සේ අලුත් එකක් ගැන හිතන එක. එතකොට මේ බලවේගයන් වෙනස් වෙයි. පරිණාමය වෙයි.

එතැනදී පරණ දේශපාලනය ආයෙත් පරණ දේශපාලනයම සහ එම වැරදිම නොකෙරුවොත් ඒ අලුත් එක පවා ගොඩක් අභියෝගයට ලක්වෙනවා. ගොඩක් වෙලාවට නාමල් පරණ දේශපාලනයම ආයෙත් කරයි කියල මම හිතන්නේ නැහැ. නමුත් ඒක හරියටම කියන්න මම දන්නේ නැහැ.

කොහොම උනත් ටැග් කරපු එකට ස්තුති…හෑල්ලක් ලියන්න පුළුවන් උණා.

Social Sharing
අවකාශය නවතම