අතුරුදහන්වූවන්ගේ පවුල් වෙත වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 375 ක්

අතුරුදහන්වූවන්ගේ පවුල්වල වෙත වන්දි ප්‍රධානය සඳහා කැබිනට් මණ්ඩලය විසින් රුපියල් මිලියන 375 ක මුදලක් සදහා අනුමැතිය ලබා දී ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ අනුව අතුරුදහන්වූවන්ගේ පවුල් වෙත රුපියල් ලක්ෂ දෙකක් දක්වා වන්දි ගෙවීම් සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, ඒ සදහා අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට (OMP) පුද්ගලයින් 75 දෙනෙකු අනුයුක්ත කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළාය. ඉලංකයි තමිල් අරසු කච්චි (ITAK) මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුනි.

අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලේ,

“2024 දී ජාතික ජන බලවේගයේ (NPP) රජය බලයට පත්වන විට, දකුණේ වාර්ගික දේශපාලනය පැවති බවත්, තම රජය එම දුර්වලතා අවම කරමින් රට තුළ වාර්ගික සමගිය ඇති කිරීම සදහා පියවර ගෙන ඇති බවත්ය. එමෙන්ම, පැවති මූල්‍ය සීමාවන් යටතේ පවා OMP හි පැවති සේවක පුරප්පාඩු පිරවීම සඳහා කාර්ය මණ්ඩලය සදහා සේවකයින් 90 දෙනෙකු බඳවා ගැනීමේ ක්‍රියාවලියක රජය නිරතව සිටින බවත්, OMP සමඟ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ රාශියක් ඇති බවත්, 2019 සිට ඒවා කිසිවක් සිදු කර නැති බවත් මේ වන විට එම ප්‍රථිසංස්කරන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය.

 

ලියාපදිංචි වී ඇති 16,000 කට අධික අතුරුදහන් වූවන්ගෙන් 4,000 කට අධික සංඛ්‍යාවකට පමණක් මේ වනවිට වන්දි ගෙවා ඇති බවත් ප්‍රකාශ කළාය. 1990 දශකයේ දී මෙම වන්දි ගෙවීම රු. 25,000 ක් වූ බවත්, 2000 දශකයේ දී එය රු. 100,000 සිට රු. 150,000 දක්වා වැඩි වී ඇති බවත් පැවසීය. දැන් මා වෙත පැමිණි කණ්ඩායම් ඉල්ලා සිටින්නේ සියළුම අතුරුදහන් වූ පවුල් වෙත රු. 200,000 ක මුදලක් ප්‍රධානය කරන ලෙසයි. නමුත් මම ඒ කණ්ඩායම්වලට කිව්වා මම ඒක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගත යුතු බව.

 

කෙසේ වෙතත්, මේ පවුල් වෙත 1990 ගණන්වල සිට සිදු කළ ගෙවීම් විවිධ ස්ථානවලින් සිදු කර ඇති අතර ඒ පිළිබදව නිසි වාර්තා නොමැති බවත්, මේ වන විට මෙම පවුල් වෙත කොපමණ මුදලක් ලැබී ඇත්දැයි යන්න පිළිබදව කිසිදු නිළ වාර්තාව නොමැති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මේ සම්බන්ධව කිසිදු විද්‍යාත්මක ආකාරයකින් කැබිනට් පත්‍රිකාවක් යෝජනා කළ නොහැකි බවත් අමාත්‍යරයා ඊයේ පැවසීය.

නිවැරදි දත්ත නොමැතිව කටයුතු කළහොත් එය මහජන මුදල් නාස්තියක් වනු ඇති එබැවින්, මේ වන විට අපි එම දත්ත රැස්කිරීමේ ක්‍රියාවලියක නිරතවී සිටින බවත් අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම, අප රජය මේ පවුල් වෙත එක් වරක් පමණක් කරන ගෙවීමක් පිළිබද විශ්වාස නොකරන බවත්, අතුරුදහන් වූවන්ගේ පවුල්වල වින්දිතයින් සඳහා, ඔවුන්ගේ සමාජ, ආර්ථික අවශ්‍යතා හදුනා ගෙන ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා දීමත් නව රජයේ අරමුණ වී ඇති බවත් ඔහු පැවසීය.

එමෙන්ම, මේ අතර, වන්දි ගෙවීමේ කාර්යාලය සම්බන්ධයෙන්, සත්‍ය තොරතුරු තිබියදීත් වැරදි තොරතුරු පතුරුවන කණ්ඩායමක් සිටින බවත් ඇමතිවරයා පැවසීය.

Social Sharing
නවතම පුවත්