පාර්ලිමේන්තුවට යම් පනතක් ඉදිරිපත් කර තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නෑ. නීති හදන්නේ මම වෙනුවෙන් හෝ පාර්ලිමේන්තුව වෙනුවෙන් නෙවෙයි. නීති හදන්නේ පොදු පුරවැසියා වෙනුවෙනි. පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට මම සහතික කරනවා.
ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ ඊයේ (17දා) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ලංකා ගුරු සේවා සංගමයේ 22 වන ජාතික ගුරු සමුළුව අමතමිනි.
නීති හදන්නේ ජනතාව වෙනුවෙන් නම් ඒ නීතිවලට අනුගත වේන්නේ ජනතාව නම් ජනතාව එම නීති ප්‍රතික්ෂේප කරනවා නම් එම නීති සම්මත කිරීමෙන් පලක් නෑ. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු කර තිබෙනවා. අපි නීති හදන්නේ ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් විනා පාලකයන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් නොවන බවට මම ඔබට සපථ කරනවා.
පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත්ම පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට මම සහතික කරනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17දා) පැවසීය. වත්මන් රජය නීති හදන්නේ ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් විනා පාලකයන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් නොවන බව ද ඉතිහාසයේ පාලකයන්ගේ උවමනාවට පනත් ගෙනෙමින් ව්‍යවස්ථා හා ව්‍යවස්ථා සංශෝධන හැදූ බව ද ජනපතිවරයා කියා සිටියේය.
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ක්‍රියාත්මක කරනවා. යම් ප්‍රතිවිරෝධතාවක් මතු වේවි. අපි මේවා කරන්නේ පළමු පන්තියට ඇතුළත් වන දරුවා ගැන දෙමාපියන් ඇති කරගන්නා බලාපොරොත්තු වලට අපි යුක්තිය හා සාධාරණත්වය ඇති කළ යුතුයි. ඒ වෙනුවෙන් මේ ප්‍රතිසංස්කරණ කරනවා.
එදා පාලකයන්ගේ උවමනාවන්ට නීති නොවෙයි ව්‍යවස්ථා හැදුවා. එදා පාලකයන්ගේ උවමනාවන්ට ව්‍යවස්ථා සංශෝධන හැදුවා ඒ ඉතිහාසයේ. අද අපි සම්පාදනය කරන හැම නීතියක්ම ජනතාවගේ කෝනයෙන් බලමිනුයි නීති සම්පාදනය කරන්නේ’‘ යැයි ද ජනපතිවරයා එහිදී .පැවසීය.
