දරුවන්ට ලබාදෙන ශාරීරික දඬුවම් ඉහළට – මානව හිමිකම් කොමිසම

මෙරට තුළ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, විශේෂයෙන් ශාරීරික දඬුවම් ඇතුළත් නඩු ගැන වාර්තා වැඩිවීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කනස්සල්ල පළකර තිබේ.

එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එවැනි ක්‍රියාවන් ශාරීරික තුවාල පමණක් නොව කල් පවතින සිත්තැවුල් මෙන්ම ඇතැම් අවස්ථාවල කම්පනයට සහ සියදිවි නසාගැනීමට පවා හේතුවන බවයි.

2025 ජූලි 4 වැනි දින ගැසට් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ගැන සඳහන් කරමින් මානව හිමිකම් කොමිසම පවසන්නේ, යෝජිත නීති මගින් වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයකුට එරෙහිව ශාරීරික හා ශාරීරික නොවන සියලු ආකාරයේ කෲර, අවමන් සහගත සහ හානිකර දඬුවම් තහනම් කිරීමට උත්සාහ කර ඇති බවයි.

දණ්ඩ නීති සංග්‍රහය මගින් ළමුන්ට සිදුකරන කෲරත්වය අපරාධයක් ලෙස සලකන අතර, ළමුන් හා තරුණයන් පිළිබදව ආඥා පනත මඟින් දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව තහවුරු කර තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාව මගින් කිසියම් පුද්ගලයකුට කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම වධහිංසා පැමිණවීම මූලික අයිතිවාසිකම් කඩවීමක් බවට පත් කර තිබේ.

පාසැල් විනය වැදගත් නමුත් බියගැන් වීම හෝ ප්‍රචණ්ඩත්වය මත නොව දරුවන්ගේ ගෞරවය සහ විශ්වාසය ගොඩනමින් ගෞරවනීය ප්‍රවේශයන් මත පදනම් කටයුතු කළ යුතු බව එම නිවේදනයේ සදහන්.

අදාල සම්පුර්ණ නිවේදනය පහත,

https://www.hrcsl.lk/wp-content/uploads/2020/02/HRCSL-Press-Statement-on-Building-a-Safer-Future_Strengthening-Legal-Protection-of-Children-15-10-2025.pdf

Social Sharing
නවතම පුවත්