බස් නැවතුමේ දී දැරියක සිපගත් බීමත් සැරයන්ට ඇප

බිබිල බස් නැවතුම්පොළේ දී 10 වැනිදා දිවා කාලයේ බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින් කුඩා දස හැවිරිදි දැරියක සිප වැළඳගත් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට බිබිල මහෙස්ත්‍රාත් ත්‍යාගා සිල්වා මහත්මිය නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදා හැරුණේ කන්දකැටිය පොලිස්

ස්ථානයට අනුයුක්තව සේවය කරන මහියංගනය රිදීමාලියද්ද නාරන්ගස්යාය අටේ කණුව පදිංචි පොලිස් සැරයන්වරයෙකි.

මෙම නිලධාරියා බීමත්ව අශෝභන ලෙස කලහකාරී ලෙස හැසිරීම, දස හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීම යන චෝදනා යටතේ බිබිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. නඩුව වැඩිදුර විභාගය ඔක්තෝබර් 19 වැනිදාට කල්තබන ලදී. බිබිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

Social Sharing
නවතම පුවත්