කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවේ සභාපති ප්‍රකාශනය එළි දැක්වේ

චීනය සහ එක්සත් ජාතීන්ගේ කාන්තාවන් ඒකාබද්ධව චීනයේ බෙයිජිං හි කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුව පැවැත්වීය.

චීන ජනාධිපති ෂී ජින්පිං එහි සමාරම්භක උත්සවයට එක්වී දේශනයක් පැවැත්වීය. රටවල් 110කට අධික රාජ්‍ය නායකයෝ, ආණ්ඩු ප්‍රධානීහූ, පාර්ලිමේන්තු නායකයෝ ඇතුළු නියෝජිත පිරිස එම සමුළුවට සහභාගී වූහ.

“පොදු ඉරණම: කාන්තා ප්‍රවර්ධන ව්‍යායාමය අංගසම්පූර්ණ සංවර්ධනයක් වේගයෙන් ඉදිරියට ගෙන යාම” යන මැයෙන් වන ප්‍රතිඥාව නැවත තහවුරු කරමින් පොදු එකඟතාවන්ට එක් වෙමින් ඉදිරි අනාගතය බිහි කිරීම අරමුණු කර ගත් එම සමුළුව සාර්ථකත්නයන් අත්පත් කර ගෙන තිබේ.

මෙවර සමුළුවේ සත්කාරකත්වය දැක්වූ චීනය ඊට සහභාගීවූවන්ගේ අදහස් පහත පරිදි සාරාංශගත කරයි.

පළමුවැන්න, වර්තමාන ලෝකයේ සියවසකට නොවූ විරූ පරිවර්තනයක් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඒකපාර්ශ්වාදයව සහ ආරක්ෂණවාදය උග්‍ර වෙමින් ඇති අතර එය බහුපාර්ශ්විකත්වයටත් ජාත්‍යන්තර විධිවිධානයටත් දැඩි බලපෑමකි. ස්ත්‍රී පුරුෂ මෙන්ම තාක්ෂණික පරතරයන් සැලකිය යුතු ලෙස තවමත් පවතින අතර ගෝලීය කාන්තා ප්‍රවර්ධන ව්‍යායාමය ආපසු හැරීයාමේ අවදානමට මුහුණ දෙමින් සිටී.

අභියෝග රාශියකට මුහුණ දුන්නද ඒ ඒ පාර්ශවයන් පොදු අනාගතයක් සහිත ප්‍රජාවක සංකල්පයෙන් ඓතිහාසික වගකීම භාර ගෙන බහුපාර්ශ්විකත්වය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බව ප්‍රකාශ කෙරේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතිය ඒකාබද්ධව ආරක්ෂා කරමින් ගෝලීය පාලන මුලපිරුම් ක්‍රියාවට නංවමින් එකමුතුකම, විශ්වාසය, ධෛර්යය සහ ක්‍රියාකාරීත්වය පදනම්ව කාන්තා ප්‍රවර්ධන ව්‍යායාමය සඳහාවූ නව ක්‍රියාවලිය වේගවත් කළ යුතුය. වඩාත් සාධාරණ හා යුක්ති සහගත ගෝලීය පරිපාලන පද්ධතියක් ගොඩනගා පොදු අනාගතයක් හිමි මානව ප්‍රජාවක් උදෙසා ඉන් ගමන් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දෙවැන්න, සියලුම පාර්ශ්ව ෂී ජින්පිංගේ දේශනය ඉහළින් අගය කළ අතර පහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ඉල්ලා සිටියහ:

1, සහයෝගී සහ තිරසර ආරක්ෂක සංකල්පයකට අනුගත වෙමින්, සාමකාමී සහ ආරක්ෂිත ජීවන පරිසරයක් නිර්මාණය කළ යතු අතර කාන්තාවන්ට සාධාරණ හා පූර්ණ ලෙස සාම ක්‍රියාවලියට එක් වීමට සහාය දිය යුතු ය.

2, ජනතා කේන්ද්‍රගත සංවර්ධනයට අනුගත විය යුතු අතර කාන්තාවන්ගේ ප්‍රමුඛ භූමිකාවට සහ පරිවර්තනීය බලයට පූර්ණ දායකත්වයක් ලබා දිය යුතු ය.

3, කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් ක්‍රියාකාරීව ආරක්ෂා කර ප්‍රවර්ධනය කළ යුතු ය. තරුණයින්ගේ, විශේෂයෙන් තරුණියන්ගේ භූමිකාවට පූර්ණ දායකත්වයක් ලබා දීමද සිදු කළ යුතුය.

4, ජනතාව කේන්ද්‍ර කර ගනිමින් සියලු මනුෂ්‍ය වර්ගයාගේ පොදු වටිනාකම් ප්‍රවර්ධනය කරමින්, කාන්තාවන් අතර හුවමාරු ප්‍රවර්ධනය කිරීමද අත්‍යවශ්‍යය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට සහාය වෙමින්, සියලුම රටවල කාන්තාවන් සඳහා වඩාත් පුළුල් සහයෝගීතා වේදිකාවක් ගොඩනැගිය යුතු ය.

5, කාන්තාවන් පිළිබඳ සම්පූර්ණ සංවර්ධනය ප්‍රවර්ධනය කරමින්, කාන්තාවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ අනෙකුත් ජීවන අවශ්‍යතාවන් සහතික කළ යුතු ය. කාන්තාවන්ගේ ප්‍රතිලාභ, සතුට සහ ආරක්ෂාව පිළිබඳ හැඟීම අඛණ්ඩව වැඩිදියුණු කළ යුතුය.

6, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ආයතනික යාන්ත්‍රණයන් වැඩිදියුණු කළ යුතු අතර, කාන්තාවන්ගේ ස්ථානය ඉහළ නැංවීම සඳහා ජාතික යාන්ත්‍රණයන් ශක්තිමත් කළ යුතු ය.

7, පවුල් හිතකාමී හා සහායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින්, පවුල තුළ කාන්තාවන්ගේ සාධාරණ ස්ථානය සහ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු ය.

8, දේශගුණික විපර්යාස සහ ස්වාභාවික විපත් වලට මුහුණ දීමට කාන්තාවන්ගේ හැකියාවන් වැඩි දියුණු කළ යුතු ය.

9, ඩිජිටල් පරිවර්තනය සඳහා කාන්තා පූර්ණ හා සමාන සහභාගීත්වය සහ නායකත්වය ප්‍රවර්ධනය කළ යුතු ය. ඩිජිටල් තාක්ෂණයන් තුළින් කාන්තාවන්ට සිදුවන අගතිය, වෙනස්කම් සහ ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම ප්‍රවර්ධනය කළ යුතු ය.

10, කාන්තා ක්ෂේත්‍රය තුළ උතුරු-දකුණු සහයෝගීතාව, දකුණු-දකුණු සහයෝගීතාව සහ ත්‍රිකෝණාකාර සහයෝගීතාවන් පුළුල් කරමින්, ලොව පුරා කාන්තාවන්ගේ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු ය.

තුන්වැන්න, මෙවර සමුළුවට එක්වූවෝ චීනය කාන්තා සංවර්ධනයේ දී අත්පත් කර ගෙන ඇති දැවැන්ත ජයග්‍රහණ ඉහළින් අගය කරමින් ගෝලීය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් ලබා දුන් දායකත්වය ද ප්‍රශංසාවට ලක් කළහ.

ඉදිරි වසර පහ තුළ, චීනය එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට අතිරේක වශයෙන් ඇ. ඩො. මිලියන 10ක් පරිත්‍යාග කරනු ඇත. ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීම සඳහා ඇ. ඩො. මිලියන 100ක ගෝලීය සංවර්ධන සහ දකුණු-දකුණු සහයෝගීතා අරමුදලක් ස්ථාපිත කෙරන අතරම හුවමාරු සහ පුහුණුව සඳහා කාන්තාවන් 50 දහසක් චීනයට ආරාධනා කිරීමද සිදු කෙරේ. අදාළ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ කාන්තාවන්ට අදාළ ක්ෂේත්‍රවල සංවර්ධන සහයෝගීතාව පවත්වා ගනිමින් කාන්තා කුසලතාවන් වර්ධනය කිරීමට ද අපේක්ෂා කෙරේ.

දිනමිණ

Social Sharing
අවකාශය නවතම විදෙස්