පුද්ගලික බස්වල ටිකට් නැතිව ගියොත් අද සිට දඩ

මගී ප්‍රවේශපත්‍ර ළඟ තබාගැනීම අද (01දා) සිට අනිවාර්ය බවත් මගී ප්‍රවේශ පත්‍ර ලබා නොගෙන බස් රථවල ගමන් කරන මගීන්ට දඩ මුදලක් නිකුත් කරන බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා ‘දිවයින’ ට පැවැසීය.

එසේම ප්‍රවේශ පත්‍ර මගීන්ට ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට රුපියල් 750ක දඩයක් ද ප්‍රවේශ පත්‍රයක් නොගෙන යන මගියකුට ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් සියයක (100/=) දඩ මුදලක් නිකුත් කරන බවද හෙතෙම කීය.

මාර්ග පරීක්ෂකවරුන් අද සිට පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවලට ගොඩවී පරීක්ෂාවට ලක් කරන බවද සභාපතිවරයා කීය.

පෞද්ගලික බස් රථවලින් ටිකට් පත් නිකුත් නොකරන්නේ නම් 0702 – 860860 ට හෝ 0112 – 860860 ට දැනුම් දෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

Social Sharing
නවතම පුවත්