
පත්තීය අතු නොගෑවැයි චෝදනා කරමින් විදුහල්පතිවරයා පත්ති නායකයා වන තම පුත්‍රයාගේ කනෙන් ඇද පන්තියෙන් එළියට දමා බෙල්ලට පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි පවසමින් රුපියල් කෝටි 20ක වන්දියක් ඉල්ලා මවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) අවසර දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
හම්බන්තොට, දෙබොක්කාව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පන්ති නායකයා වන ඉමෙන් අමිෂ්ක නමැති ළමයාගේ මව වන ලලනි චම්පිකා විසින් ගොනුකරනු ලැබ ඇති පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් දෙබොක්කාව මහා විද්‍යාලයේ විදුහල්පති මාලක විරවර්ණකුල මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.
දෙබොක්කාව විදුහලේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නම් පුත්‍රයා පන්ති නායකයා බවත්, 2024 මැයි 02 වැනිදා උදෑසන වගඋත්තරකාර විදුහල්පතිවරයා ඉගෙනුම් ලබන පන්තියට පැමිණ, පන්තිය අතුගා නොමැති බවට චෝදනා කරමින් ඔහුගේ කනෙන් ඇද පන්තියෙන් එළියට දමා බෙල්ලට පහර දී ඇතැයි, සඳහන් කරන පෙත්සම්කාරිය පාසල අවසන් වීමෙන් පසු පුත්‍රයා රෝහල් ගතකර ප්‍රතිකාර දුන් බවද සඳහන් කරන්නීය.
පාසල අවසන් වීමෙන් පසු පුත්‍රයා රෝහල් ගත කර ප්‍රතිකාර සදහා ඇඹීලිපිටිය මහ රෝහලේ නේවාසික ප්‍රථිකාර ගැනිම සදහා නතර වී ඇති අතර, එම රෝහල් බළධාරින් විසින් මෙම දරුවා සහ මව බොරු කරන බව ප්‍රකාශ කරමින් ටිකට් කපාගෙන යන ලෙසටද බලපෑම්කර, බරපතල නොවන බවට වෛද්‍ය වාර්ථාවක්ද නිකුත් කර ඇති අතර, මිද්දෙනිය පොලිසිය විසින් මෙම පහරදීම සුළු පහරදීමක් බවට නිශ්චයකර සමථ මණ්ඩලය වෙත යොමු කර ඇත.
සිද්ධිය පිළිබඳ විමසීම සඳහා විදුහල්පතිවරයා හමුවීමට ගිය අවස්ථාවේදී ඔහු ඇයට බැණ වැදී එළවා දැමූ බවත්, පසුව සිද්ධිය පිළිබඳ මිද්දෙණිය පොලිසියට පැමිණිලි කළ බවද පෙත්සම්කාරිය සඳහන් කරයි.
පෙත්සම්කාරිය වගකිවයුතු සියළු ආයතන වෙත ගොස් පැමිණිලි කළත් ඇය හට සාධාරනයක් ඉටු නොවු හෙයින් හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්තානය වෙත ගොස් පැමිණිලි කිරීමෙන් අනතරුව එම මධ්‍යස්ථානය හරහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමෙන් අනතුරුව දරුවාගේ මව හට නීතිය ක්‍රියාත්මක කර ගැණිමට හැකි වී ඇත. ඒ අනුව, මෙම පෙත්ස්ම්කාරී මෙම ක්‍රියාවලියෙන් තම පුත්‍රයාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බැවින් වන්දියක් වශයෙන් රුපියල් කොටි 20ක මුදලක් ලබා දෙන්නයි ඉල්ලා සිටින්නීය. පෙස්සම්කාරිය වෙනුවෙන් නීතිඥ දුලාන් දසුනායක, නීතිඥ ලක්ෂාන් ඩයස් යන මහත්වරු පෙනී සිටියේය.
මෙම සිදුවීම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබු අයුරු…
