
ගත වූ මාස දහයක කාලය තුළ පොලිස් නිලධාරීන් 350කට ආසන්න පිරිසකගේ වැඩතහනමට ලක් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. පොලීසිය දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරට සමගාමීව නීති විරෝධී කටයුතුවල නිරත වූ පොලිනස් නිලධාරීන් මෙසේ වැඩ තහනමට ලක්ව ඇති බව ආන්නද විජේපාල මහතා පවසයි.
ඔහු මේ අදහස් ප්‍රකාශ කරේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති ආධුනික පොලිස් නිලධාරීන් පිරිසකගේ විසිරියාමේ උත්සවයකට සහභාගී වෙමිනි. එහි දී අදහස් දක්වමින් ආනන්ද විජේපාල මහතා,
“පොලිස් සේවාව ගැන අතීතයේ තිබුණේ එතරම් හොඳ චිත්‍රයක් නෙමෙයි. බහුතරයක් පොලිස් නිලධාරීන් පොලිස් සේවාවේ උන්නතියට, අභිවෘද්ධියට කටයුතු කරන අතරම සුළු පිරිසක් විසින් කරන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් තමා පොලීසියේ විනය අපකිර්තියට පත්වෙලා තියෙන්නේ. ඒ එක පැත්තකින්. අනෙක් පැත්තෙන් ඔබ දන්නවා දේශපාලනීකරණය වූ පොලිස් සේවාවක් තමා අපිට ලැබිලා තිබුණේ. අපි ජාතික ජන බලවේගය හැටියට බලයට පත්වෙද්දි මේ පොලිස් සේවාව අතිශ්‍යයින්ම දේශපාලනීකරණයට ලක්වෙලා තිබුණේ. අපේ පළමු අරමුණ වුණේ, ඒ දේශපාලනීකරණය වූ පොලිස් සේවාව ස්වාධීන කිරීම. නැත්නම් නිර්දේශපාලනීකරණය කිරීම. මේ ගතවෙලා තියෙන මාස 10 ඇතුළත අපි ඒ සඳහා පියවර රාශියක් ගත්තා. ඒ පියවරවල ප්‍රතිඵලයක් හැටියට දැනට අපිට හැකියාව ලැබී තිබෙනවා මේ පොලිස් සේවය දේශපාලනීකරණයෙන් මුදවා ගන්න. මේ වෙද්දි පොලිස් සේවයේ අතලොස්සක් පිරිස අතර 350කට ආසන්න ප්‍රමාණයක් පොලිස් සේවයෙන් වැඩතහනම් කරලා තියෙනවා අනීතික කටයුතුවලට යොමුවීම හේතුවෙන්.”
