නේපාලයේ මොකද වෙන්නෙ..?

පසුගිය සති තුනක කාලයක පමණ සිට නේපාලය තුළ ඇතිව තිබූ නොසන්සුන් තාවය පාලනය කරගැනීමට නොහැකිව මේ වන විට නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීමේ නිවේදනයේ සදහන් වූ තිබුනේ වත්මන් අර්බුදයට ව්‍යවස්ථාමය විසඳුමක් සඳහා මග පෑදීමට තමන් ඉල්ලා අස්වූ බවයි.

නමුත්, ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසුව නේපාලයේ තත්ත්වය තවත් දරුණු වූ අතර, නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ශ්‍රේෂ්ඨාධිකරණය, මැති ඇමති නිවාස, මාධ්‍ය ආයතන ඇතුළු රජ්‍ය දේපල විශාල ප්‍රමාණයක් ගිණිබත් කර ඇති බව වාර්තා වේ. මේ අතර, සමහර අමාත්‍යවරුන් වෙත මහ මගදී පහරදෙන වීඩියෝ සමාජ මාධ්‍ය හරහා සංස්සරණ වන අතර, අගමැති ෂර්මා ගේ බිරිද ද ඝාතණය වී ඇති බව ද ජාත්‍යන්තර මාධ්‍ය ඊයේ වාර්තා කලාය.

පසුගිය දා නේපාල් රජය විසින් ෆේස්බුක් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් තහනම් කිරීමත් සමගම ඊට එරෙහිව රට පුරා විශාල විරෝධයක් ගොඩනැගුණි. මෙම විරෝධතා පාලන සදහා පොලීසිය රබර් උන්ඩ යොදා ගත් බව පැවසුවත්, විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ පොලීසිය රබර් උන්ඩ අතරට ජීව උන්ඩත් යොදා ගත් බවයි. ඒ හේතුවෙන් විරෝධතාකරුවන් 19 දෙනෙකු මියගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

විරෝධතාකරුවන් මිය යාමත් සමගම පැවති විරෝධතා තව තවත් උත්සන්න විය. සමාජ මාධ්‍ය සඳහා පැනවූ තහනම ඉවත් කරන ලෙසත්, දූෂණය පිටුදකින ලෙසත් රජයට බල කරමින්, දහස් ගණනක් තරුණ තරුණියන් සැප්තැම්බර් 8 සදුදා කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වූහ.

විරෝධතා පාලන සදහා අගමැති ෂර්මා විරෝධතා විමර්ශනය කිරීම සඳහා රජය මණ්ඩලයක් පිහිටුවන බවත්, වින්දිතයින්ට මූල්‍යමය “සහන” ලබා දෙන බවත් තුවාල ලැබූවන්ට නොමිලේ ප්‍රතිකාර ලබා දෙන බවත් ඔහු පැවසීය. පසුව රජය විසින් සමාජ මාධ්‍ය තහනමද ආපසු ඉවත් කර ගන්නා ලදී.

අගමැති ෂර්මාගේ මේ ප්‍රථිචාරයන්ට විරෝධතාකරුවන් ප්‍රථිචාර දක්වූයේ තව තවත් ප්‍රචන්ඩත්වය මුද හැරීමෙනි. මේ වන විට අගමැති, ජනපති පමනක් නොව විපක්ෂ නායකවරයා ඇතුළු ප්‍රධාන දේශපාලන නායකයින්ගේ නිවාස වෙත ද ප්‍රහාර දියත් වී තිබේ. කත්මණ්ඩු නගරයේ පිහිටි අගමැති නිල නිවස ගිනිතැබූ විරෝධතා කරුවන් අගමැති ෂර්මාගේ බිරද මේ වන විට ඝාතනය කර තිබේ.

ඊයේ වන විට (9) තරුණ තරුණියන් 21 දෙනෙක් ජීවතක්ෂයට පත්ව ඇති අතර, 400 කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා තිබේ. විරෝධතා පාලනය සදහා රජය විසින් මේ වන විට අදිරි නීතිය පනවා ගුවන් තොටුපල ද වසා දැමා අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Social Sharing
අවකාශය නවතම විදෙස්