මත්ද්‍රව්‍ය වලට එරෙහි වූවාට මිතුරන් ආබාදිත වෙනකම් පහර දෙයි, අරනායක පොලිසිය නිහඬයි?

Aranayaka Police Station

අරණායක අරම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි වයස අවුරුදු 20 වන සන්තුෂ් වාසනා බණ්ඩාර වන අය ටෙක් ආයතනයේ අධ්‍යාපනය හදාරමින් සිටින සිසුවෙකි. සන්තුෂ් හට 2025.08.08 වැනි දින අරම රජමහා විහාරයේදී පැවති සල්පිල අවස්ථාවේ තවත් සිසුන් පිරිසක් එකතු වී පහරදීමක් සිදු කර තිබේ.

සන්තුෂ් වාසනා බණ්ඩාර

“ඔහු ඇඳන් සිටපු ෂර්ට් එක ගලවලා මගේ මූණ වහලා මගේ කෝෂ ප්‍රදේශයට කණ්ඩුල පයින් පහර දුන්නා ඊට පස්සේ හැමෝම ගහන්න පටන් ගත්තා පාර දෙන ගමන් මගෙන් ඇහැව්වා, (උඹ කණ්ඩුලට උපදෙස් දෙන්නේ උඹ උගේ අම්මද තාත්තද කියලා) ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ මට ගහන හේතුව කණ්ඩුලුගේ අම්මා පාරෙදි මුණගැහිලා මට කිව්වා පුතේ කණ්ඩුලේ ඔයාගේ යාළුවනේ එයා කුඩුගංජා වලට හොඳටම ඇබ්බැහි වෙලා ඉන්නේ එයාට උපදෙස් දීලා එයාව හොඳ මාර්ගයකට ගන්න බලන්න කියලා. ඒ නිසා මම කණ්ඩුලට බස් එකේදි කිව්වා මල්ලි අම්මා දුක් විඳිනවනේ ඔයා කරන වැඩ වලින් මිදිලා හොඳ ළමයෙක් වෙන්න බලන්න කියලා. පොළු වලින් හෙල්මට් වලින් පයින් පුළුවන් තරම් මට පහර දුන්නා මම ඒකෙන් බේරිලා තිලකෙ මාමලගේ ගේ ළඟට ගියා එතැනදිත් මට පහර දුන්නා මම සිහිය නැතුව වැටුණා දෙවැනි පාර සිහිය එද්දී කණ්ඩුලයි කෝසලයි මා උස්සලා ත්‍රිවිල් එකේ දෙපැත්තට ගහලා මම මැරිලා ඉන්නේ කියලා හිතාගෙන උස්සලා පන්සල ළඟ තිබෙන බෑවුම පල්ලේ මාව විසික් කරන්න හැදුවා . එහෙම මොහොතේ මට හොඳටම මතකයි කල්ප කිව්වා ඕකා මැරිලා ඉන්නේ ඕකාගේ තාත්තාට මිනිය බලන්න වත් ඕකාව තියපත් කියලා මාව දාලා ගියා. නැවත සිහිය නැතිවෙලා සිහිය එද්දි මාළඟ කවුරුත් සිටියේ නෑ බඩගහගෙන තාත්තා ළඟට ගිහින් විස්තරේ කීවා නැවත සිහිය එද්දි මම හිටියේ අරනායක රෝහලේ” යනුවෙන් පවසා සිටියා.

සන්තුෂ්ගේ පියා කියා සිටියේ දවස් හයක් මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලැබුවත්, දරුවා ආබාධිත බවයි. දැනට ආයුර්වේද වෙදකම සිදු කරන බවත් අරනායක පොලිසියෙන් කිසිදු සාධාරණයක් නොවන බවත් පවසා සිටියා. කුසල් යන අයගේ පියා හෙම්මාතගම පොලිසියේ වැඩ කරන බවත් ඔහුගේ ඉල්ලීම මත අරනායක පොලිසිය මෙම පහරදීමේ සිද්ධියේ යටපත් කරමින් කිසිදු විමර්ශනයක් නිසියාකාරව නොකර, නඩුවද පෙබරවාරි මාසෙට දමා ඇති බව පවසා සිටියා. මෙම සිදුවීමට අදාල පුද්ගලයන්ගේ ඥාතින් ද පහරදීමට අදාල පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට බලපෑම් කෙරෙන බවද පියා විසින් ප්‍රකාශ කර සිටියා. මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට පත් කර තමාගේ දරුවා වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉෂ්ට කර දෙන ලෙස පොලිස්පතිතුමාගෙන් හා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් දරුවගේ පියා වශයෙන් ඉල්ලා සිටියා. ඒ වගේම මාවනැල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් වල ඉගෙනුම ලබන පුංචි පාතාලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසද ඉල්ලා සිටියි.

Social Sharing
අවකාශය නවතම