රනිල්ට ඇමරිකානු ජනාධිපතිවරයකු වු රූස්වෙල්ට් ලෙස ක්‍රියාකල නොහැකිද?

රනිල්ගේ දේශපාලන අනාගතය අවසානයකට පැමින තිබේද?  රනිල්ගේ රෝගාබාධ පිලිබදව සමාජය තුල දේශපාලන කතා බහක් ඇතිවී තිබේ. එසේ කතා බහක් ඇතිවීම ස්වාභාවිකය.

එම කතා බහේ එක පැතිකඩක් වන්නේ මෙච්චර ලෙඩ තියාගෙනත් 2022-24 රට පාලනය කලේ කෙසේද යන්නයි. අනෙක් පැති කඩ වන්නේ ඔය ලෙඩ තියාගෙන තවදුරටත් ඉදිරියට දේශපාලනයක් ගැන හිතන්නටවත් බැරි බවය.

දෙවැනි මතය අහිංසක හා ස්වාභාවික වුවද එය දේශපාලනිකව වර නගන්නෙ බල අපේක්ෂා සහිතවය. එයට හේතුව ඉදිරියේ එන ජනාධිපතිවරනයකදී අනුරට අභියෝග කල හැකි විපක්ෂයේ විකල්ප චරිතයක් තවමත් මතුනොවුන පසුබිමක් තුලය.

එවැනි දේශපාලන රික්තයක් තුල රනිල් තවමත් විකල්පයකි.

ජවිපෙය දැන් හිතන්නෙ රනිල්ගේ වෛද්‍ය සංකුලතා මතු කොට පලමු වටයේදීම රනිල් තරගයෙන් ඉවත් කර දැමීමටය. ඒ නිසා ලාල් කාන්ත ඇමති වරයා රනිල් ගැන කියා තිබු කතාව සමාජ අවධානයට ලක්විය යුතුය.

ලාල් කාන්ත ඇමති වරයා කියා තිබුනේ රනිල්ගෙ වෛද්‍ය වාර්ථාව අධිකරනය ඉදිරියේ දිග හැරීම හේතුවෙන් රනිල්ට අනාගතයේදී දේශපාලන බලාපොරොත්තුවක් තිබුනා නම් එය දැන් සෝදාපාලුවට ලක්වු බවය.

ලාල් කාන්තගේ මෙම දේශපාලනික ප්‍රකාෂයට එජාපයෙන් ලැබුන පිලිතුර අදේශපාලනික බව කිව යුතුය. එජාප සභාපති වර වජිර කියා තිබුනේ රනිල් තම රෝගී තත්වයන් මෙතෙක් කලමනාකරනය කරගෙන දේශපාලනයේ යෙදුන බවය. ශරීරය තුල  කෙතරම් ආබාධ තිබුනද රනිල් රට පාලනය කලේ මොලයෙන් බවය.

වර්ථමාන ආන්ඩුවේ පලි ගැනීමේ උත්සාහය නිසා රනිල්ගෙ සමතුලිත තාවය තාවකාලිකව බිදවැටී ඇති බවය.

ඇත්තටම බැලූ විට රනිල් 2022-24 කාලය තුල රට පාලනය කරන්නට ඇත්තේ මේ කියන බරපතල රෝගී තත්වයන් මධ්‍යයේ බව අපට විශ්වාස කල හැකිව තිබේ.

රනිල් මෙන්ම ගතින් නොව සිතින් රට පාලනය ලෝක නායකයෝ සිටි බව ඉතිහාසය අපට පෙන්වා දෙති.

එජාපයේ සභාපති තුමාට එවැනි උදාහරනයක් මගින් ලාල්කාන්තගේ ප්‍රකාෂයට ප්‍රතිචාර දැක්වුවා නම් මේ පිලිබද සංවාදය වෙනත් මගකට යොමුවන්නට ඉඩ තිබුනි.

ඒ අතරින් ප්‍රකට උදාහරනයක් ලබා දෙන්නේ අමරිකාවෙනි.

ෆ්‍රන්ක්ලින් ඩී රුස්වෙලට් දෙවන ලෝක යුද්ධ සමයේ අමරිකාවට නායකත්වය දුන් ජනාධිපතිවරයාය.  ඔහු පෝලියෝ රෝගයෙන් පෙලුන නිසා ජනාධිපති ධුරයේ කටයුතු වල නියලුනේ රෝද පුටුවක ආධාරයෙනි.

ජනාධිපිවරයකු ලෙස තුන්වරක් මහජන චන්දයෙන් තෝරාගත් ජනප්‍රිය නායකයකු වු රූස්වෙල්ට් තතමන්ගේ තුන්වන ධුරකාලයේදී බරපතල රෝගාබාධ වලින් පෙලුන නායකයකු බව ප්‍රසිද්දය.

ඔහු දිගින් දිගටම පැවති ස්වසන ආබධායකින් පෙලුනේය. ඔහු දරුනු හෘදයාබාධ වලින් පීඩා විදි අයෙකි. අවසානයේදී මිය ගියේද හෟදයාබාධයකිනි. ඒ හැරුන කොට වකුගඩු හා මුත්‍රාශයේ අරබුදයක්ද තිබුනේය.

ඔහු අකාලයේ මිය නොගියේ නම් හතරවන වතාවටත් මහජනයාගේ කැමැත්ත ලබා ගන්නට ඔහු තුල දැවැන්ත අධිශ්ඨානයක් තිබු බව ඔහුගේ චරිතාපදානය කියයි.

රුස්වෙල්ට් අමරිකාවට අයෝමය නායකත්වයක් දෙවන ලෝක යුද්ධය සමයේ ලබා දුන්නේ අමරිකානු ජනතාවගේ ජනහද දිනාගත් ජන නායකයකු ලෙසටය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගොඩනැගෙන්නේ රුස්වෙල්ට්ගේ සංකල්පයට අනුවය. රුස්වෙල්ට් දෙවන ලෝක යුද්ධ සමයේදී චර්චිල් හා ස්ටැලින් හමුවෙන්නට ගියේ රොද පුටුවෙනි.

එසේ නම් රනිල්ට දේශපාලන අධිශ්ඨනයක් තිබේ නම් ඔහුගේ අවබෝදය හා තේරුම් ගැනීමේ හැකියාව තවමත් අවියෝජනයව තිබේ නම් දැනට වාර්ථාවන වෛද්‍ය ගැටළු රනිල්ගේ අනාගත දේශපාලන කටයුතු වලට බාධාවක් නොවිය හැකි බවට තර්කයක් ගොඩනගන්නට තිබෙන ඉඩඩ වැඩිය.

 

නමුත් රනිල්ගේ දේශපාලන අධිශ්ඨානය සැම විටම යටත් වන්නේ රටේ ජනතාවගේ බහුතර කැමැත්තටය.

රනිල්ට වාර්තාවෙන වෛද්‍ය සංකුලතා යටතේ රට පාලනය කිරීමේ හැකියාව අතීතයේදී ඔහු වෙත ලැබුනද මේ වනතෙක් මහජනයාගේ බහුතර කැමැත්ත තමන්ගෙ පාලන හැකියාව වෙත දිනා ගන්නට හැකි වුයේ නැත.

උසාවියේදී දිග හැරුන සෞඛ්‍ය ගැටළු මධ්‍යයේ වුවද රනිල්ට තවදුරටත් දේශපාලනයේ රැදී සිටීමේ උවමනාවක් සහ කැපවීමක් තිබේ නම් ඔහු හා ඔහුගෙ පක්ෂය වන එජාපය දැන් සිදු කල යුත්තේ රනිල් රටට අවශ්‍ය පුද්ගලයකු බව පොදු මහජනතාවට ඒත්තු ගැන්වීමයි. එය එක්සත් ජාතික පක්ෂයේ වගකීමකි.

ශිරාල් ලක්තිලක මහතාගේ මුහුණු පොතෙනි,

Social Sharing
අවකාශය නවතම