නවකවධය ලබා දුන් කැළණිය විශ්වවිද්‍යාලයේ රැකියා කරන සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට!

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුවකුට නවකවධය ලබාදීමේ සිද්ධියක් මුල්කොටගෙන එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය විසින් 27 වන දා අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. තවද මේ වනවිට අත්අඩංගුවේ පසුවන සිසුන් විවිධ වෘත්තීන්වල නිරතව සිටින බවත් ඉන් ඡායාරූපකරණය, ස්වයං යාන්ත්‍රික ඉංජිනේරු හා චිත්‍රපට අධ්‍යක්ෂ වෘත්තීන්හි නිරත වන සිසුන් තිදෙනෙක් ද ඒ අතර සිටින බව පොලීසිය සඳහන් කරයි.

වැල්ලවාය, හබරාදුව, වවුනියාව, මහගිරිල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් අවුරුදු 26ත් 28ක් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනෙක් එක්ව තමාව බලහත්කාරයෙන් රැගෙන ගොස් පහ‍රදී සිරකර තබාගෙන නවකවධය ලබාදුන් බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර තිබේ.

Social Sharing
අවකාශය නවතම