
මෙම වසරේ ජූලි මාස වන විට මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 607 ක් සෘජු විදෙස් ආයෝජන වශයෙන් මෙරටට ලැබී තිබේ. ඒ පසුගිය වසරේ පළමු මාස හතට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හතේ දී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පවසා සිටින්නේ.
පසුගිය වසරේදී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 614 ක් වන අතර මෙම වසර අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සෘජු විදෙස් ආයෝජන මෙරටට ලැබෙනු ඇතැයි බලාපරොත්තු වන බවත් හේරත් මහතා පවසයි. ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ පසුගිය වසරේදී මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය නිල වශයෙන් පසු කළ බවයි.
පසුගිය ජූලි මාසය අවසන් වනවිට ව්‍යාපෘති 63 ක් සඳහා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවත් ඉන් ව්‍යාපෘති 34 නව ව්‍යාපෘති බවත් ඉතිරි ව්‍යාපෘති 29 මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. ඒ අනුව අනුමැතිය ලබාදුන් ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 776ක් බවත් ඉන් ඩොලර් මිලියන 500 සෘජු විදෙස් ආයෝජන බවත් ඉතිරි ඩොලර් මිලියන 276 දේශීය ආයෝජනයන් වේ.
එසේම මෙම වසරේ ආයෝජන මණ්ඩලය ව්‍යාපෘති හරහා නව රැකියා 956ක් ඇතිකර තිබෙන බවත් ආයෝජන මණ්ඩලයේ සමාගම් මෙම වසරේ පළමු මාස හතේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.56 ක අපනයන සිදුකර තිබෙන බවත් ඔහු කර ඇත. ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන කලාප හතක් ඇති කිරීමට ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වන බවත් ඉන් ආයෝජන කාලප 2 ක් මෙම වසරේදී ඇති කිරීමට ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.
