හොඳයි තව පොඩ්ඩකින් රනිල් FCID ආපුවම අත්අඩංගුවට අරගෙන දවස් 14ක් ඇතුලට දැම්මොත් මට අනුව ඒක අයිති වෙන්නේ ජනප්‍රිය දේශපාලන තීරණ ගොඩට. මොකද මට අනුව රට බංකොලොත් කරන තරමේ මහා ලොකු මූල්‍ය ප්‍රශ්නයයට වඩා (ඒ ගැන ඇත්ත තොරතුරු මම දන්නේ නැහැ) මෙතන ජනතාව පිනවීමේ කොටසක් අන්තර්ගතයි. ඒ කියන්නේ සංකේතාත්මකව ඔන්න අපි රනිලුත් ඇතුලට දැම්ම කියන සෙන්ටිමෙන්ට් එක මේ ඔස්සේ ඉහලට එසවෙනවා.
ඒ කියන්නේ ලොකුම මාළුවෙක්ටත් අපි වැඩේ දුන්න කියල කියන්න පුළුවන්.
ඒ ඔස්සේ සියලු අනික් කුඩා මාළු බයවෙනවා. පොහොට්ටුව බය වෙනවා. රනිල්වාදීන් බය වෙනවා. එතකොට ආණ්ඩුවට කියන්න පුළුවන් අන්න ඒ බය තියාගනින් කියල. ඒ නිසා මේක ජනප්‍රිය ප්‍රවර්ගයේ තීරණයක්. ඒවත් දේශපාලනයේදී අවශ්‍යයි. මම ඒකයි ලිව්වේ ලංකාවේ රාජ්‍යය නැවත එක්තරා විදියකට නැවත නිර්මාණය වෙමින් තියනවා කියල.
හැබැයි ජනප්‍රිය තීරණ කියන ඒවා බැක්ෆයර් වෙන්න පුළුවන්.
ඒ තමයි රනිල් මේ ඔස්සේ වීරයෙක් වෙන්නත් පුළුවන්කම තිබීම. එහෙම වෙන්නේ රනිල් සම්බන්ද වෙනම සෙන්ටිමෙන්ට් එකක් 2022 පස්සේ රටේ තියන නිසා. එක වෙලාවක ඒක ඡන්ද ලක්ෂ විස්සක් පමණ උනා. ඔහු ලොකු පොදුජන නායකයෙක් නොවුණත් රට වැටිලා තිබ්බ වෙලාවේ ඒක තිබ්බ තැනින් ඉහළට යම් ඔසවා තැබීමක් කළා කියල හැඟීම මිනිස්සු තුල යම් දුරකට තවමත් තියනවා. හරියට යුද්දේ දිනුව මහින්ද සම්බන්දයෙන් වගේමයි.
එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සු ඇතුලේ වගේම පොහොට්ටුවේ මිනිස්සු ඇතුලෙත් සහ අලුත්ම නාගරික සමාජ තීරුවක් ඇතුලෙත් මේක තවම තියනවා. ඕනි නම් කියන්න පුළුවන් ඒක පොඩි සමාජ තීරුවක් කියලත්. පොඩි එව්වා තමයි ලොකු වෙන්නේ.
ඉතිං ජනප්‍රිය දේශපාලනය හැසිරෙන විදිය ගත්තම රනිල් ඔහොම ගිහිල්ල වීරයෙක් වෙන්නත් පුළුවන්. හිරේ ගිය ගොඩක් අය ආපහු එන්නේ වීරයෝ වෙලා.
මම මේ කියන්නේ වියහැකියාවන් ගැන විතරයි.
