
ශ්රී ලංකා හමුදාවේ 63 වැනි සේනාංකයේ සොල්දාදුවන් විසින් පුද්ගලයකු ඝාතනය කළ බවට චෝදනා එල්ල කරමින්, ඊට විරෝධය පළකර ඉලංකෙයි තමිල් අරසු පක්ෂය අගෝස්තු 15 වැනි දින උතුර සහ නැගෙනහිර පළාත්වල හර්තාලයක් කැඳවා ඇති වීමට නියමිතය.
32 හැවිරිදි එදිර්මානසිංහම් කබිල්රාජ් සහ තවත් සිව්දෙනකු හමුදා කඳවුරට කැඳවා දරුණු ලෙස පහරදුන් බවට වාර්තා වී ඇති අතර ඉන් දින දෙකකට පසු එනම් අගෝස්තු 9 වැනි දින මුත්තයියන්කට්ටු වැවේ තිබී එදිර්මානසිංහම් කබිල්රාජ්ගේ මළසිරුර සොයාගත් බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා ඇති බවට වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් සොල්දාදුවන් 03 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර බාධාවකින් තොරව පරීක්ෂණයක් පවත්වා වගකිව යුතු අය වගකිව යුතු බවට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසයි. උතුර සහ නැගෙනහිර පළාත්වල හමුදා විශාල ලෙස රැඳීසිටින බවත්, එම පිරිස් අඩුකරන ලෙසත් එම ලිපියේ සඳහන් වී ඇති බවට වාර්තා වේ.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය මැදිහත්වී පළාත් දෙක පුරාම හර්තාලය පැවැත්වීමට නියමිත ය.
