ගාසාහි මන්දපෝෂණය හේතුවෙන් මියයන පිරිස 217ක් දක්වා ඉහළට!

ගාසා තීරයේ පවතින ආහාර අර්බුදයත් සමඟ මන්දපෝෂණ තත්වයක් මතුව ඇති අතර ඉන් තවත් 11 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.  ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය තත්ත්වය හේතුවෙන් මියගිය ප්‍රමාණය 217 දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව වාර්තාවන අන්දමට මන්දපෝෂණය හේතුවෙන් මියගිය පුද්ගලයන් අතුරින් කුඩා දරුවන් 100ක් සිටින බවට වාර්තා වන අතර ගාසා තීරයේ ළමයින් 6000 කට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් 1000 කට වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් අල්-ජසීරා පුවත්සේවය වාර්තා කළේය. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මාර්ග බාධක හේතුවෙන් දිනකට ගාසා තීරයට ඇතුළු වන්නේ මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 80ත් 100ත් අතර ප්‍රමාණයක් බවත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගොස් 491ක් තුවාල ලබා ඇති බවට වාර්තා වේ. ගාසා තීරයේ රඳවා තිබෙන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මේ සම්බන්ධව රජයට දැඩි විරෝධයක්ද එල්ල කර ඇති අතර, එමගින් ඔවුන් චෝදනා කර ඇත්තේ ඊශ්‍රායල රජය ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත අනතුරේ හෙළන බවටයි.

Social Sharing
අවකාශය නවතම විදෙස්