ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ළමා ආරක්ෂණ සමුළුව අද කොළඹ දී

ශ්‍රී ලංකාව තුළ ළමයින්ට එරෙහිව සිදුවන සියලු ආකාරයේ හිංසනයන්ට එරෙහිව තීරණාත්මක පියවරක් සනිටුවහන් කරමින් ප්‍රථමවරට අද දින ආරම්භ වූ ළමා ආරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICCP’25) මෙම මස 27 වනදා දක්වා පැවැත් වීමට නියමිතය.

ළමුන් සඳහා වඩාත් ශක්තිමත් ආරක්ෂණ පද්ධති ගොඩනැගීම අරමුණු කරගනිමින්, රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර සහ දේශීය විශේෂඥයින්, පර්යේෂකයින් සහ ළමා ආරක්ෂණ වෘත්තිකයින් ඇතුළුව 250කට අධික පිරිසක් මෙම සමුළුව සඳහා එක්ව ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යන කේන්ද්‍රය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) සමග එක්ව, යුරෝපා සංගමයේ (EU) සහය ඇතිව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF)   තුළින් පවත්වන ICCP’25 සමුළුවේ අරමුණ වන්නේ, මෙරට දැවෙන ළමා අයිතිවාසිකම් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය, ශාස්ත්‍රීය සහ ආයතනික ක්‍රියාමාර්ග දිරි ගැන්වීමයි.

ඔවුන් විසින් නිකුත් කළ ඒකබද්ධ මාධ්‍ය නිවේදනය පහතින්

ඒකාබද්ධ මාධ්_ය නිවේදනය – ICCP 2025

Social Sharing
අවකාශය නවතම