පාස්කු ප්‍රහාරයේ සාක්ෂි වසන් කිරීමේ සිද්ධියට හිටපු OIC රදවාගෙන ප්‍රශ්න කරයි.

පාස්කු ඉරු­දින සිදු වූ ප්‍රහා­ර­යන්ට අදා­ළව සිදු කරන විම­ර්ශ­නයේ සංවේදී තොර­තුරු සඟවා ඉදි­රි­පත් කිරීම, විම­ර්ශ­නය නොමග යවන සුලු සට­හන් යෙදීම, සාක්ෂි වසන් කිරීම නිවැ­රදි කරුණු අනා­ව­ර­ණය නොකි­රීම ඇතුළු කරුණු යටතේ සැක­පිට නැඟෙ­න­හිර පළාතේ හිටපු පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යෙක් අත්අ­ඩං­ගු­වට ගත් බවත් ඔහු ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ ඒක­කය කොටුව මහේ­ස්ත්‍රාත් නිලු­පුලී ලංකා­පුර මෙණෙ­විය හමුවේ ඊයේ (23) දැනුම් දුන්නේය.

මෝස­මක් ගොනු කර­මින් මේ බව කියා සිටි පොලී­සිය ඊට අදාළ වැඩි­දුර වාර්තා­වක් අධි­ක­ර­ණය හමුවේ ගොනු කළේය. පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහා­ර­යට පෙර සහ පසු සිද්ධීන් සම්බ­න්ධ­යෙන් මේ විම­ර්ශ­නය සිදු කරන බවද පොලි­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි අතර වව්න­තිව් පොලිස් නිල­ධා­රින් දෙදෙනා ගේ ඝාත­නය සහ සයි­න්ද­ම­රුදු බෝම්බ පුපු­රුවා හැරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් වන සංවේදී තොර­තුරු සම්බ­න්ධ­යෙන් මේ විම­ර්ශ­නය සිදු කරන බවද ඔවුන් අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

අත්අ­ඩං­ගු­වට ගත් හිටපු පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා මේ වන­විට පැය 72ක රැඳ­වුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව දැනුම් දුන් පොලී­සිය අවශ්‍ය වුව­හොත් තව­දු­ර­ටත් රඳවා ප්‍රශ්න කිරි­මට අව­සර ලබා ගන්නා බවද අධි­ක­ර­ණය වෙත කරුණු දක්ව­මින් පැව­සීය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ ඒක­කයේ උප පොලිස් පරී­ක්ෂක ප්‍රේම­කු­මාර  අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්වා සිටි­යේය.

දිනමිණ

Social Sharing
නවතම පුවත්