ප්‍රතික්ෂේප කළ නාම යෝජනා නැවත භාර ගැනීමට අභියාචනාධිකරණයෙන් නියෝගයක්!

 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් නැවත භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද එනම් අප්‍රේල් 04 වනදා අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර ඇත.

මෙම නියෝගය ලබා දී ඇත්තේ, අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

 

 

 

අවකාශය පුවත්