2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත 2023 සැප්තැම්බර් මස සිට බලාත්මක වීමත් සමඟ කොමිෂන් සභාව විසින් එම පනත යටතේ 2024.03.26 දින සිට 2024.12.31 දින දක්වා කාලය තුළ නඩු 75 ක් පවරා ඇති බව කොමිෂන් සභාව පවසයි. මෙම නඩු පවරා ඇත්තේ කොමිසම වෙත මාස 9ක් කාලසීමාව තුළ ලැබී ඇති පැමිණි 3850ක් අතරිනි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 2024 වර්ෂය තුළ පැමිණිලි 3850 ලැබී ඇතත්, තොරතුරු ප්‍රමාණවත් නොවීම හෝ අල්ලස් පනත අදාල නොවීම මත පැමිණිලි 1002 ක් සම්බන්ධව විමර්ශනයන් සිදු කර නොමැත.
මින් පැමිණිලි 943ක් සම්බන්ධව කොමිෂන් සභාව විසින් පසුගිය වර්ෂය තුළ විමර්ශන ආරම්භ කර තිබේ. මේ පැමිණිලි අතරින් 332 අල්ලස් සම්බන්ධව චෝදනා වන අතර, 517ක් දූෂණ සම්බන්ධ චෝදනා වේ. ඉන් 94ක් අයුතු වත්කම් ඉපයීම් පිළිබදව පැමිණිලි බව ද වාර්තා වේ.
ඉහත පැමිණිලි 943ට අමතරව 2023 වර්ෂයේ දී අවසන් කිරීමට නොහැකි වූ පැමිණිලි 389ක් සම්බන්ධව කොමිෂන් සභාව විමර්ශන කටයුතු ආරම්භක කර ඇති බවද කොමිෂන් සභා වාර්තා පෙන්වා දෙයි.
මේ සම්බන්ධ සම්පුර්ණ විස්තර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පහත සදහන් 2024 ප්‍රගති වාර්තාව තුළින් ලබා ගත හැක. https://sinhala.ciaboc.gov.lk/images/pdf/2024/Monthly_Progress_January_-_November_Sinhala.pdf