පූ‌ගොඩ ගයාන්ගේ මරණයට හේතුව මොට අයුධයකින් හිසට සිදු කළ පහරදීමක් !

පසුගිය ඔක්තෝබර් 12 වන දින පොලිස් පහරදීමෙන් මිය ගිය කන්ද පාර, මාණ්ඩාවල පදිංචිව සිටි ගයාන් පුෂ්පකුමාර (19) නැමැත්තාට පූගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු තවත් පොලිස් නිලධාරියෙකු විසින් තම නිවසේ දී ම ඉතා අමානුෂිකව පහරදුන් බව ඔහුගේ බිරිද හා මව ප්‍රකාශ කරයි.

මුදල් සොරකමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති ගයාන් ස්ථාන කිහිපයකට ගෙන ගොස් පහරදී පසුව තම නිවසට ගෙනවිත් ස්ථානාධිපතිවරයා ඇතුලු තවත් නිළධාරියෙකු විසින් ඔහුගේ උදර ප්‍රදේශයට පයින් ගැසු බවත්, ඒවිට ගයාන්ට කිහිප විටක්ම වමනය ගිය බවත්, ඒතැන සිටි තවත් නිලධාරියෙකු කළුපාට පොල්ලකින් ගයාන්ගේ හිස ප්‍රදේශයට කිහිප වරක් පහරදුන් බවත් පවසයි.

අප්‍රානිකව වැතිරී සිටි ගයාන්ට මෙසේ පහරදෙනු බලා සිටීමට නොහැකිව ඔහුගේ බිරිද හා මව කිහිප වතාවක්ම පහරදීම වැලැක්වීමට උත්සාහ කළත් පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව වැරෙන් කාමරයෙන් ඒලියට තල්ලුකර දැමූ බවත් ගයන්ගේ බිරිද පවසයි.

පසුව පහරකෑමෙන් ඉතා අසාධ්‍යව සිටි ගයාන් ඇදගෙන ගොස් පොලිස් ජීප් රථයට දමාගත් බවත්, සොරකම් කළ මුදල් හෙට ඒලිවෙන්න පෙර ලබා නොදුනහොත් ඒල්ලා පහර දෙන බවත්, ඔහු බේරාගත යුතු නම් අදාල මුදල් රැගෙන පොලීසිට ඒන ලෙස ස්ථානාධිපතිවරයා විසින් ගයාන්ගේ බිරිදට පවසා තිබේ.

ඒ් අනුව ගයාන්ගේ බිරිද සිය හිතවතෙකුගෙන් ණයට මුදලක් ඉල්ලාගෙන පසුදින පොලීසිට ගොස්, ස්ථානාධිපතිවරයා කළ දැනුම්දීම මත ඔහු ඉදිරියේදීම අදාල මුදල් නැති වූ බව කියන පුද්ගලයාට ලබා දී ගයාන්ව ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. මුදල් ලබා ගත් තැනැත්තා ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධව පොලීසිට පැමිණිල්ලක් සිදු කර නොමැති නිසා මෙම සිද්ධිය මෙතනින්ම සමතයට පත්කළ හැකි බවයි. පසුව ගයාන් අසනීපව දොම්පෙ රෝහලට යැවු බවත් තව ටික වේලාවකින් ඔහුව ගෙන යා හැකි බවත් ස්ථානාධිපතිවරයා ගයාන්ගේ ඥාතීන්ට පවසා ඇත.

නමුත් දිගින් දිගටම ගයාන් ගැන තොරතුරක් නොලැබීම නිසා ඒ ගැන සොයා බැලීමේ දී ගයාන්ට අසාධ්‍යව රාගම රෝහලට ඇතුලත් කර ඇති බව දැනගන්නට ලැබී, ඒහි ගොස් සොයා බැලීමේදී අදාල පොලිස් නිළධාරීන් පවසා ඇත්තේ ඔහු කොළඹ ජාතික රෝහල වෙත ගෙන ගිය බවයි.

දිගින් දිගටම ගයාන් ගැන තොරතුරක් ලබා නොදීම නිසා සැක සිතී පොලිසිය ගයාන් සම්බන්ධව තොරතුරැ වසන් කරන බවට තේරැම්ගිය නිසා මේ සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුත බවට අදාල නිලධාරීන්ට පවසා තිබේ. නමුත් අවස්ථා කිහිපයක්ම ඊට උත්සාහ කළත්, පොලිස් ස්ථානාධිපතිවරයාත් ගයාන්ට පහරදුන් බවට පැමිණිල්ලේ සදහන් කිරීමට අවශ්‍ය යැයි කී විට ඒම පැමිණිල්ල ලිවීම නතර කර ඔවුන් සෑහෙන වෙලාවක් පොලීසිය තුළ රස්තියාදු කළ බව ඔවුන් සදහන් කරයි.

ඔක් 11 වන දින පුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ගයාන් දොම්පෙ රෝහලේ සිට රාගම රෝහල වෙත අසාධ්‍යව මරැකර ඒවා ඇති අතර ඒහි දී ඔක් 12 වන දින මියගොස් තිබේ. ඔහුගේ මරණ පරීක්ෂන සිදු කළ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී බී.ඒන්.ටී.ඒම් බොරුක්කාගම මහතාගේ වාර්තාවේ සදහන් වන්නේ ඔහුගේ හිසේ දකුණු පැත්තට වන්ට මොට ආයුධයකින් සිදු කළ පහරදීමක් නිසා සිදු වූ රුධිර කාන්දුවක් මත මෙම මරණය සිදුව ඇති බවයි.

Social Sharing
නවතම