” විකල්පයක් නැත” මහජන සම්මන්ත්‍රණය – මැයි 29

රටේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන් උදෙසා පෙනී සිටින We Have a Dream සිවිල් සංවිධානය ජාලය විසින් පවත්වන ලද සංවාද, සාකච්ඡා, සම්මණ්ත්‍රණ ඇසුරෙන් ජේෂ්ඨ මාධ්‍යවේදී  සී.ජේ අමරතුංගයන් විසින් සංවිධානය කරන ලද ” විකල්පයක් නැත” ආර්ථික අර්බුදය සහ විසඳුම් ගැන විමසුමක් පොත ඇසුරෙන් පවත්වන සංවාදශිලී සම්මන්ත්‍රණයක් 2024 මැයි මස 29 වෙනි දින ප.ව. 3.00 ට කොළඹ 07, ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

ඇති වූ ආර්ථික අවපාතයන් තුළින් රට ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගමෙින් පවතින පරිසරයක 2024 මැතිවරණ වර්ෂයේ ජනප්‍රියවාදී දේශපාලනය හේතුවෙන් දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසාධන වැඩසටහන අර්බුදයකට යා හැකි බවත්, දැනට රට තුළ සිදුවන ආර්ථික ප්‍රතිසංස්කරණයන් කිසිඳු බාධාවකින් තොරව සිදුවිය යුතු බවත්, රටේ ආර්ථික ව්‍යූහය නව ආර්ථික අභියෝගයන්ට ගැලපෙන පරිදි සකස් විය යුතු බවත් එම සංවාදයන්ට සහ ඒ තුළින් බිහි වූ පොතෙහි ද පදනම වී ඇත.

මෙම සම්මන්ත්‍රණය සඳහා ආරාධිත දේශකයන් ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍ය රාසමානික්කම් සහ ග්‍රන්ථ කතුවර ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සී.ජේ.අමරතුංග සහභාගි වේ. ආරාධිත දෙසුම් අවසානයේ දී පොදු සාකච්ඡාවක් ද පැවැත්වෙනු ඇත.

ආර්ථික අභියෝගයන් ගැන දැනුවත්වීමට කැමති සැමට ආරාධනය කෙරේ.

 

Social Sharing
නවතම පුවත්