කංසා නොහොත් ත්‍රෛලෝක විජයපත්‍ර මත පදනම්ව ඖෂධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලොව පුරා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අපනයන අරමුණු කොටගෙන කංසා වගා කිරීම සහ නිෂ්පාදන කිරීම සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගෙන් ව්‍යාපෘති යෝජනා කැඳවීම ආරම්භ කොට තිබේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඒකබද්ධ විෂය පථයට මෙම ව්‍යාපෘතිය අයත්වන අතර 1961 අංක 31 දරන ආයුර්වේද පනත, 1978 අංක 04 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතිය සහ අදාළ අනුබද්ධ නීතිවලට අනුකූලව මෙම ව්‍යාපෘතිය ඇගයීමට ලක් කෙරේ.
මෙම ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීම සහ ක්‍රියාත්මක කිරීම ආයෝජන මණ්ඩල කලාපයක් තුළ සිදුවන අතර වගාව සහ නිෂ්පාදන කටයතු අධීක්ෂණය, සම්පූර්ණ ක්‍රියාවලිය නියාමනය කිරීම සහ ව්‍යාපෘති සඳහා බලපත්‍ර නිකුත් කිරීම ආයුර්වේද දෙපාර්තුමේන්තුව විසින් සිදු කෙරේ.
අයදුම්කරුවන් විසින් අයදුම්පත්‍ර භාරදෙන මොහොතේ ආයෝජන මණ්ඩලය වෙත ඇමරිකානු ඩොලර් 400ක් හා ආයුර්වේද දෙපාර්තුමේන්තුව වෙත ඇමරිකානු ඩොලර් 1250 ක් ගාස්තු ලෙස ගෙවිය යුතුය.
එමෙන්ම සුදුසුකම්ලත් අයදුම්කරුවන් ඩොලර් මිලියන 2ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඇපකරයක් ලෙස ගිවිසුම් අත්සන් කිරීමට පෙර තැන්පත් කළ යුතු අතර ආයුර්වේද දෙපාර්තුමේන්තුව වෙත ඇමරිකානු ඩොලර් 100,000ක බලපත්‍ර ගාස්තුවක් ව්‍යාපෘතිය සඳහා ගෙවිය යුතුය. පසුව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 200 ක් බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුවක් ලෙස ගෙවිය යුතු අතර ඇමරිකානු ඩොලර් 500,000ක අවම ව්‍යාපෘති ආයෝජනයක් ආයෝජකයින් විසින් සිදු කළ යුතුය.