මීට වසර දහයකට පෙර එනම්, 2014 දෙසැම්බර් 21 වන දින හම්බන්තොට නගරයේ පැවැත්වීමට සූදානම්කර තිබු වීදියේ විරෝධය ව්‍යාපාරයට එල්ල වූ කෘෘර ප්‍රහාරයට එරෙහි නඩුවේ විභාගය 2024 ජුනි 12 එනම් හෙට, හම්බන්තොට මෙහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට නියමිතයි.
එවකට හම්බන්තොට නගරාධිපතිව සිටි එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් සිදු කළ මෙම මේලේච්ඡ ප්‍රහාරය හේතුවෙන් ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, මාධ්‍යවේදී සම්පත් සමරකෝන්, සමාජ ක්‍රියාකාරී ප්‍රසංග ප්‍රනාන්දු හා පිලිප් දිසානායක, හම්බන්තොට නගර සභාවේ හිටපු විපක්ෂ නායක අයුබ් කාන්, සජීව පලිහක්කාර, මහේෂ් චන්න ඇතුළු පිරිසක් තුවාල ලැබීය. පසුව ඉන් කිහිප දෙනෙකුට රෝහල් ගත වී ප්‍රථිකාර ලබා ගැනීමට පවා සිදු විය.
සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන 112 ක් එක්ව සැකසූ මේ රටට අත්‍යවශ්‍ය සාමාජ, ආර්ථික හා දේශපාලණ ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබදව මහජනතාව දැනුවත් කිරීමත්, වියරු රෙජීමයට බියෙන් මුළු ගැන්වී සිටි පිරිස් ධෛර්ය සම්පන්න කිරීමත් සදහා මෙම වැඩසටහන සංවිධානය කර තිබුනි. මෙහි වීදි දේශණ, වීදි ගායනා, ප්‍රදර්ශන, වීදි නාට්‍ය ඇතුළු සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත මෙම වීදියේ විරෝධය ව්‍යාපාරය රටේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයකම සංචාරය කළ අතර, එහි අවසන් වැඩසටහන 2014 දෙසැම්බර් 21 වන දින හම්බන්තොට නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබුනි.
මෙම පහරදීමට ප්‍රථම 2014 දෙසැම්බර් 05 වන දින අනුරාධපුර එප්පාවල නගරයේ දී ද ප්‍රහාරයකට ලක් විය. එප්පාවල නගරයේ පැවති විදියේ විරෝධය වැඩසටහන අවසන් කර පිටව යාමට සූදානම් වී සිටි අවස්ථාවේ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ඉලක්ක කරමින් එම ප්‍රහාරයක් සිදු විය. එහි දී ජයතිලක බණ්ඩාර හා සමන්ත ඇපා මහතා ඇතුළු පිරිසක් එම ප්‍රහාරයට ගොදුරු විය. එම ප්‍රහාරය එවකට එක්සත් ජනතා සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ වසන්ත බණ්ඩාර හා ඔහුගේ අනුගාමිකයෙකු වූ උදිත නිශාන්ත විසින් සිදු කර තිබුනි.
එප්පාවල ප්‍රහාරයෙන් පසුව මෙම වැඩසටහන වැලැක්වීම සදහා රජය විසින් පොලීසිය යෙදවූ අතර, මීගමුව, රත්නපුර, කුරුණෑගල, වැලිගම හා වැලිපිටිය යන ප්‍රදේශවලදී මෙම වැඩසටහන් වැලැක්වීමට පොලිසිය විවිධ උත්සාහයන් ගන්නා ලදී. ඉන් පසුව වැලිපිටිය හා මාතර නගරයේ පැවති වැඩසටහන් සදහා ප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව ඇති බවට අපට ලැබුන තොරතුරු නිසා වැලිගම වැඩසටහන සදහා නැසීගිය පාර්ලිමේන්ත මන්ත්‍රී ජෙස්ටින් ගලප්පත්ති මහතාත්, මාතර වැඩසටහන සදහා හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සහභාගී වීම නිසා එම ප්‍රහාරයන් වලක්වා ගැනීමට හැකි විය.
එප්පාවල පහරදීම සම්බන්ධව නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අතර, අදල පහරදීම සම්බන්ධව ප්‍රසිද්ධියේ සමාව ලබා ගැනීමට විත්තිකරුවන් ජයතිලක බණ්ඩාරයන්ගෙන් ඉල්ලා සිටි නිසා ඔවුන්ට සමාව ලබාදීම නිසා එම නඩුව අවසන් විය.
හම්බන්තොට නඩුව විභාගයට පෙර විත්තිකරුවන් ප්‍රසිද්ධියේ වැද සමාව ගැනීමට සූදානම් බව විත්තිකරුවන්ගේ නීතිඥයින් කල යෝජනාව පිළිගනිමින් රුපියලක වන්දියක් සමගින් සිංහල ක්‍රමයට වැද සමාව ලබා දීමට පැමිණිලිකරුවන් එකගත්වය ප්‍රකාශ කර තිබුනි.
නමුත්, මේ සිද්ධියේ දී විත්තිකරුන් ගිණි අවි භාවිතාකර තිබූ නිසා මහේස්ත්‍රාත් අධිකරණයට මෙවැනි නඩුවක් සමත කිරීමට බලයක් නොමැති බව දන්වා නීතිපති උපදෙස් සදහා යොමු කර තිබුනි. ඉන් වසර කිහිපයකට පසුව ලැබුන නීති පති උපදසේ අනුව මේ වසර මුල සිට මෙම නඩුවේ විභාගය නැවත ආරම්භ විය.
මෙම නඩුව සදහා හම්බන්තොට ප්‍රදේශයේ නිතිඥයෙකු සොයා ගැනීමට නොහැකි වීම නිසා පසුගිය වසර දහයම කොළඹින් නීතිඥයෙක් කැදවාගෙන යාමට සිදු විය. නීතිඥ ලක්ෂාන් ඩයස්, නීතිඥ සේනක පෙරේරා, නීතිඥ දුලාන් දසනායක ඇතුළු නීතිඥ කණ්ඩායමක් වරින්වර මෙම නඩුව සදහා සැලකිය යුතු දායකත්වයක් මේ වන විට සපයා තිබේ.