පහරදීමකින් සාජන්වරයා ගේ පුත්‍රයෙකුගේ වෘෂණ කෝෂයක් ඉවත් කරයි…!

මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පිරිසක් විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන්   මැදවච්චිය තුලාවෙල්ලිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි දිලීෂ සංගීත් නමැති තරුණයාගේ වෘෂණ කෝෂයක් අනුරාධපුර ශික්ෂණ රොහලේ දී සිදු කළ හදිසි සැත්කමකින් පසුව ඉවත් කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

පසුගිය අප්‍රේල් 07 වන දින දිලීෂ සංගීත් තවත් ඔහුගේ මිතුරෙකු සමග වාහනයක නැගී යන විට පිටුපසින් පැමිණි පොලිස් යතුරු පැදියක් ඔවුන්ට නතර වන ලෙස දන්වා තිබේ. වාහන නතර කළ සැනින් පැමිණි නිලධාරීන් දෙදෙනා විසින් ඔහුන්ට පහර දීමට පටන් ගෙන ඇති අතර, පසුව දැත් බැද වාහනයට දමා නැවත පහර දුන් බව පවසයි.

මේ සම්බන්ධව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙන දිලීෂ සංජීව කියා සිටියේ… අපි යන කොට එක ස්ථානයක වාහන ගොඩක් නතර කර තිබුන, අප එම වාහන ඉස්සර කර එතනින් ඉදිරියට ගියා. අපි ගිය වාහනය නතර කනර ලෙස කිසිවෙකු සංඥා කරේ නැහැ. අපි ටික දුරක් යන විට යතුරු පැදියකින් පැමිණි පොලිස් නිළධාරීන් දෙදෙනකු අප ගමන් ගත් වාහනය නතර කොට අපට පහරදීමට පටන් ගත්තා. ටික වෙලාවකින්  එතනට පැමිණි තවත් නිළධාරීන් හතරදෙනෙකු මටත් මගේ යාලුවටත් දැත් බැද පොලුවලින් පහර දුන් බවයි.

මෙම තරුණයාගේ පියා ද පොලිස් සැරයන්වරයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසියෙ රථ වාහන අංශයේ නිලධාරීහු දෙදෙනෙක් වෙනත් පොලිසිවලට මාරු කර යවනු ලැබ සිටිති.

Social Sharing
නවතම පුවත්