ජනාධිපතිවරණය ඔක්තෝම්බරයේ!

2024 presidential election

ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මුල් සතියේ පැවැත්වීමට සැලසුම් සකස් වෙමින් තිබෙන බව වාර්තා වේ. ජනාධිපතිවරණය නීත්‍යානුකූලව පැවැත්විය යුතුව ඇත්තේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝම්බර් 17 වෙනිදා වැනි දිනයන් අතර ය. නොවැම්බර් 17 වෙනි දිනට පෙර නව ජනාධිපතිවරයා දිවුරුම් දිය යුතුව ඇත.

පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළ අතර ඒ අනුව ඔවුන්ගේ ප්‍රථම ජන රැළිය මාර්තු මස 10 වෙනි දින කුලියාපිටියේ දී පැවැත්විනි. බැසිල් රාජපක්ෂ අතර පැවති සංවාද කීපයක්ම තීරණයකින් තොරව අවසන් වුවද බැසිල් රාජපක්ෂ මේ සතියේ ප්‍රකාශ කර තිබුණේ ඡන්ද කැඩීයාමට ඉඩ ඇති නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තමන් විසින් ජනාධිපතිවරණයේ දී නිල නොවන සහයක් පළ කරන බවයි. නමුත් පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ ගේ හැසිරීමෙන් පෙනී යන්නේ ඔහු ද ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටින බවයි.

මේ වන වන ඇති වී තිබෙන ජාතික ජන බලවේගයේ රැල්ල ගැන තිබෙන දැඩි විශ්වාසය නිසා ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා ප්‍රකාශ කරමින් ජනාධිපතිවරණය ඉර හඳ වගේ විශ්වාසයයි ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරණයට තවත් මාස කීපයක් තිබෙන බැවින්, ඉතාම සුළු සිද්ධියකින් පවා ජනාධිපතිවරණයේ ස්වභාවය වෙනස් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අනාවැකි කීම අපහසු බව පහුගිය මැතිවරණවල ප්‍රතිඵළ වලින් පැහැදිලි වේ. ඉදිරි මැතිවරණය සියල්ලම ඉතාමත් තීරණාත්මක මැතිවරණයන් බැවින් විශාල ජාතික හා ජාත්‍යයන්තර අවධානයක් ඒ වෙත එල්ල වී ඇති පසුබිමක් තුළ දේශපාලන හා සමාජ ජීවිතයේ ඉතාමත් උණුසුම් කාල පරිච්චෙඡ්දයක් අප ඉදිරියේ මේ වන විට ගොඩනැගෙමින් ඇත.

Social Sharing
අවකාශය නවතම