71 පසුකල වීදියේ ගායකයා

Jayathilaka bandara

‘සාධුජන රාවය-නන්මක්කල් කුරල්’ සහ ජ⁣යතිලක අයියා වෙන වෙන ම ගත්තොත් මොනව කතා කරන්න ද කියල හොයාගන්නත් බැරි වේවි.

මම අද දකින විදියට පුද්ගලයෙක් සමාජ ව්‍යාපෘතියක් බවට පත්වීම, ඒ පුද්ගලයාට වෙන්න පුළුවන් දරුණු විපැත්තියක් වෙන්නත් පුළුවන්; අනිත් අතට ඒ සමාජ ව්‍යාපෘතියටත්.

සමාජ ව්‍යාපෘති බිහිවෙන්න තරමට විධිමත්-පරිනත සමාජයක් නැති පොළොවක, ඉවසීමේ සීමාව පැනපු පුද්ගලයෙක්, ‘සමාජයක්’ බවට තමන් ව ස්ථානගත කරගන්න පුළුවන්. එතකොට සමාජ⁣යක නමින් ඉන්න අවශේෂ මහජනයා කරන්නේ ඒ මුළු සමාජ වගකීම ඔය බාරගත්ත අයට ලෝබ නැතිව පවරල දීලා, ඒක නොවීමේ රොස්-දොස්-පරොස් ඔක්කොම එතැනට විදල දාන එකයි, ‘වීර පොරවල්’ හැටියට ඒ අය ඔසවලා ඉස්සරහට දක්කන එකයි. අන්තිම හුස්ම දක්වා ම ඒ ලෝකයක් බර වගකීම් තමන්ගේ පිට පටවාගෙන ඉන්න ‘වීරය’ට ඇඳගත්ත මනුස්සය නැති වුණ දාක, ”දැන් ඒ වැඩෙත් ඉවරයි මෙතැනින් එහාට’ කියල පොරයි, වැඩෙයි දෙක ම එක ම පෙට්ටියේ දාල, ඇන ගහල දාන එක. ඊටපස්සේ ඉතිරිවෙන නොස්ටැල්ජියානු කතා ටිකෙන් කෙරෙන්නේ එහෙම පුද්ගල ලෙවල් එක ඉක්මවපු සමාජ ව්‍යාපෘති බිහිවෙන්න තියෙන ඊළඟ ඉඩත් වහල දාන එක. ඇයි, අපේ ඒ ‘ඓතිහාසික කාර්යභාරය බාර ගත්තු පොර ඉවරයි  නේ !

මේ වයසෙදිත්, අදත් ජයතිලක අයියා ක්ලිනික් එකක, ඉස්පිරිතාලෙක නෙවෙයිනම්, හෝල් එකක හරි වීදි ප්‍රසංගයක.

අවසන් හුස්ම දක්වා ම මේ දිවිපැවැත්ම වෙනස් වෙන එකක් නෑ.

ජයතිලක අයියා ගේ නමට අනන්‍ය වෙන ‘සාධුජනරාවය-නන්මක්කල් කුරල්’ වැඩේ පට්ට ලස්සන වැඩක්. මූලික වශයෙන් ඒක වීදි ප්‍රසංගයක්.  ගැයෙන-වැයෙන හැම සිංදුවකටම ලස්සන පසුබිම් කතන්දරයක් තියෙනවා. මගේ නම් වැඩි ම ආශක්තභාවය මේ කතන්දර සීරිස් එකටයි. මේක හැර ගීයක රහ විඳගන්න උදව් කරන්නත් තව වැඩකුත්, තව තවත් වැඩත් ඔහු සහ කණ්ඩායමේ දායකත්වයෙන් පෝෂණය වෙනවා.

ඒ වැඩ ගැන එතැන හැමෝටම ලොකූ ප්‍රශංසාවත් එක්ක ස්තූතියක් දෙන්න ඕන.

ඒක ඇත්තටම වෙනම ලොකු කතාවක්.

ජයතිලක අයියලා හැබෑ වීරයෝ තමයි; ඒත් ඒක ඉහළින් ඔසවන එක ගැන මට බයකුත් තියෙනවා. ඒ අර උඩ කියපු එක.

ඉතින් මේ ලොකු සහ අත්‍යවශ්‍ය ස්තූතිය අතරේ ඒ නිසා මම වඩා උනන්දු වෙන්නේ ජයතිලක අයිය වගේ පුරොගාමී වීර චරිතයක්, එයාව ගිලගෙන තියෙන පොදු සමාජ ව්‍යාපෘතියෙන් ගලවල තේරුම් ගන්නේ කොහොමද කියල හිතන්න.

ජයතිලක අයියගේ මේ ජීව්තයේ හැරවුම් ලක්ෂයන් හැටියට එතැනදී මම හිතන්නේ 71 කැරැල්ලත්, ගුවන්විදුලියේ රජරට සේවයත් හයිලයිට් වෙන තැන් දෙකක්. ඒත් වෙන තැනුත්, ඒ තැන්වලට ඔහු සෙට් වෙන විදියත් ගැන කවදාවත් මට කතා කරන්න ඉඩක් ලැබිල නෑ. (මේ වෙලාවෙත් මම හිතන්නේ ඊළඟ ෆෝන් කෝල් එකකින්වත් ඒ විස්තර කතා කරගන්න ඉඩක් ලැ⁣බෙනවනම් කියලා)

ඉතින් ජයතිලක අයියා, ඔයා පුද්ගලයකුට වඩා දෙයක් බවට පත්වෙලා තිබුණත්, පුද්ගලයෙක් හැටියටමත් ඔයාට දිගු ජීවිතයක් විෂ් කරනවා.

මේක සිංහලෙන් කියන්නේ කොහොමද කියල මට අදහසක් නෑ.

Take care !

-දරා

දර්ශන කහින්ගලගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා  ගන්නා  ලද්දකි.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග