ලක්ෂ විස්සකට ඔප්පු දෙන අතරේ මිලියනයක් තරුණ ව්‍යවසායකයින්…

පවුල් ලක්ෂ 20 ක් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ “උරුමය, වැඩසටහනෙහි දෙවන අදියරට අදාල මූලික වැඩසටහන පසුගිය 18 දා  ආරම්භ විය.ඒ,ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරන ජාතික ක්‍රියාන්විතය යන තේමාවෙනි.

ඒ සමගම තරුණ ව්‍යවසායකයින් මිලියනයක් බිහිකිරිමේ ජාතික ක්‍රියාන්විතයට අදාල අයදුම්පත්‍ර ද ලබා දීමට නියමිතය.

ඊට අදාල දැනුවත් කිරිමේ පත්‍රිකා හා ඉල්ලුම්පත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළද එදින ආරම්භ කරනු ලැබීය.
මෙහි පළමු අදියර යටතේ පවුල් දසදහසකට ඉඩම් ඔප්පු ලබාදීම පසුගිය දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ දී සිදුකෙරිණි. මෙහි දෙවන අදියර යටතේ ලබාදීමට නියමිත සින්නක්කර ඉඩම් ඔපුප් සංඛ්‍යාව දසලක්ෂයකි.

තරුණ ව්‍යවසායකයින් බිහිකිරීමේ වැඩසටහන හරහා මිලියනයක ව්‍යවසායකයින් බිහිකරන අතර ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට ද නියමිතය.

මෙම වැඩසටහන් ද්විත්වය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තොරතුරු දිවයිනේ ග්‍රාම නිලධාරීන් වසම් 14,022 ම ආවරණය වන පරිදි ජාතික තරුණ සේවා සභාවේ යොවුන් බළකාය යොදවාගෙන අදාළ කොට්ඨාසයන්හි ග්‍රාම නිලධාරීන්ගේ ද සහය ඇතිව තොරතුරු එක්රැස් කිරීමට අපේක්ෂා කරනු ලබයි.

සංචාරක හා ඉඩම් ඇමතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මේ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Social Sharing
ආර්ථික නවතම විශේෂාංග